Breaking News

පුංචි සුරංගනාවිට අවුරුදු 25 යි...! ආදරණීය දෙමළ කෙල්ලට සුභ පැතුම්...! (PHOTOS)



සරෝජා චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිතය නිරුපණය කරමින් සිනමාවට පිවිසි රංගන ශිල්පිණි නිත්‍යවානි කන්දසාමි අද සිය උපන් දිනය සමරන්නීය .

ඉන් අනතුරුව පුංචි සුරංගනාවී චිත්‍රපටයේද ප්‍රධාන ළමා චරිතය ඇය නිරුපණය කළාය .ඇය රඟපෑ මුල් චිත්‍රපටය වූ සරෝජා චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඉරාන අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය සඳහා වූ සම්මානය ඇය දිනා ගත් අතර මෙරට හොඳම නිළිය සඳහා වන ජනාධිපති සම්මානය ඇය දිනා ගත්තාය .

පුංචි සුරංගනාවී චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඉරාන ගෝල්ඩන් බටර්ෆ්ලයි සම්මානය දිනු ඇය හොඳම නිළිය සඳහා වන සරසවිය සම්මානය දිනා ගත්තාය .ළමා නිළියක් හොඳම නිළිය ලෙස පිදුම් ලැබූ විරළ අවසථාව ඇයට හිමිවූ අතර අන්තර්ජාතිකවද එය විරළ සිදුවීමකි .

අද දින 25 වැනි වියට පා තබන ඇයට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව සමගින් ජාත්‍යන්තරව සිය දස්කම් පෙන්විය හැකි චරිත නිරුපණය කිරීමට අවස්ථාව ලැබී කලා ලොව දිදුළන්නට ඇයට හැකි වේවා..!

සටහන සහ ජායාරූප - දයාන් විතාරණ









No comments