Breaking News

අරණායක අරම මිරිස් ගස් අස්සේ හැදුන අඩි 6යේ ගංජා ගහ අද උසාවියට - ගොවියාත් කූඩුවට (PHOTO)


අරණායක අරම ප්‍රදේශයේ එළවළු කොටුවක මිරිස් වගාවක් අතරේ සරුවට වවා තිබුණු ගංජා පැළයක් 16 වන දා අරණායක පොලිසිය මගින් සැකකරුවකු සමග අත්අඩංගුවට ගෙන ඇත. 

අඩි 6 ක් පමණ උසට සරුවට වැවී තිබුණු මෙම ගංජා පැළය පිළිබඳව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ අතර එහිදි අත්අඩංගුවට ගනු ලැබු සැකකරු හා ගංජා පැළය අද (16) වන දින මාවනැල්ල දිසා  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

අරණායක පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක‍ෂක ඩි.එම්.ජී.බි. දහම්පත් උප පොලිස් පරීක‍ෂක ලක‍ෂ්මන් එදිරිමාන්න පොලිස් කොස්තාපල්වරුන් වන 70939 සනත්, 3844 ප්‍රසාද් යන මහත්වරුන් මෙම වැටලීම සිදු කරන ලදි. 

 - Ada Derana News

අරනායක මිරිස් පාත්තියක අඩි 6ක් උස ගංජා පැලයක් - ගහයි ගොවියයි අද උසාවියට


No comments