Breaking News

ඕස්ට්‍රේලියාවට ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ 7.0ක ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි..!


අද(20) උදෑසන රික්ටර් මාපකයේ 7.00 ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.

ෆැසිප්ක් සාගරයේ මෙම භූකම්පනය සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

නමුත් මේ වන තෙක් සුනාමි තත්ත්වයක් වාර්තා වී නොමැති බවද සඳහන්ය.

එමෙන්ම මෙම ප්‍රදේශයේම ඊයේ (19) පස්වරුවේද රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුව තිබේ.

No comments