Breaking News

කෝටි 7000කට අලෙවි වූ ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම (PHOTO/VIDEO)

වින්චි හි ලියනාඩෝ විසින් ඇඳි සියවස් ගණනක් අතුරුදහන්ව තිබූ Saviour of the World (“Salvator Mundi”) යන චිත්‍රය ලොව වැඩිම වටිනාකමකට අලෙවි වූ සිතුවම ලෙස ඊයේ වාර්තා පොතට එකතුවිය.මෙය ඩොලර් මිලියන 450 ට ගැණුම්කරුවකු විසින් ලන්ඩන් හි පැවති වෙන්දේසියේදී මිලට ගනු ලැබුවා. මෙම වෙන්දේසිය පැවතුනේ විනාඩි විස්සක් වැනි සුළු වේලාවකි. 

මෙම සිතුවම ලියනාඩෝගේ දැනට ඉතුරුවී ඇති සිතුවම් 16න් එකක් ලෙස සැලකෙනවා. පළමු චාර්ල්ස් රජුගේ රාජකීය සිතුවම් එකතුවට අයත්ව තිබූ මෙය පිලිබඳ 1763 සිට 1900 දක්වා කිසිදු වාර්ථාවක් සඳහන් නොවන අතර 1958 දි මෙය වෙන්දේසියකදි අලෙවි වන්නේ පවුම් 45ක් වැනි ඉතා සුළු මුදලකටයි. මක් නිසාද යත් එකල මෙය ලියනාඩෝගේ සිතුවමක් බව කිසිවෙක් නොදැනසිටියේය. ඩා වින්චිගේ සිතුවම් පිළිබඳ ප්‍රාමාණිකයෙක් වන Robert simon විසින් මෙය හඳුනාගත්තේ 2005 වසර තරම් මෑත කාලයේදියි. මුල් වරට මෙය දුටු අවස්ථාවේ ඔහු විශ්මයෙන් ඇලලී ගොස් කෑගැසා ඇති අතර පසුව ඩොලර් 10000 ට එය මිළදී ගෙන තිබෙනවා. 

වෙන්දේසියට පෙර මෙම මහාර්ඝ සිතුවම දැක බලා ගැනීමට විසි හත්දහසකට වැඩි පිරිසක් මෙම සති කිහිපය තුල කලාගාර වෙත පැමිණ තිබෙනවා. මේ අතර සුප්‍රකට පුද්ගලයන් වන Leonardo DiCaprio, Alex Rodriguez, Patti Smith සහ Jennifer Lopez වැනි අයද සිටිනවා.


- ෂා දන්තනාරායන 





No comments