Breaking News

ඉලංචේලියන්ගෙන් යුධ හමුදාපතිට නියෝගයක්..!


යුද හමුදාපතිට යාපනේ  මහාධිකරණයේ පෙනී සිටින ලෙසට මහාධිකරණ විනිසුරු මානික්කවාසර් ඉලන්චෙලියන් ඊයේ (15) නියෝගයක් නිකුත් කර තිබේ. 

1996 හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් විසින් ඉදිරිපත කළ පෙත්සමක් සලකා බැලිමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ. 

මෙම පෙත්සමේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා, නීතිපතිවරයා හා  නාවට්කුලිය යුද හමුදා කඳවුරේ  එවකට අණදෙන නිලධාරියා නම් කර ඇති අතර ඔවුනට එළැඹෙන ජනවාරි 18 වැනිදා යාපනය මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
 
1996 වසරේ සැප්තැම්බර් මාසයේ චාවකච්චේරි නාවට්කුලි ප්‍රදේශයේදී එවකට නාවට්කුලි හමුදා කඳවුරේ සිටි අන දෙන නිලධාරියා විසින් අත්අඩංගුවට ගත් පිරිසක් මෙසේ අතුරුදන් වි ඇතැයි මෙම පෙත්සම යොමු කර ඇත.

No comments