Breaking News

ගිංතොට සන්සුන් කිරීමට දායක වූ යතිවරයානෝ....!



පසුගියදා ගිංතොට ප්‍රදේශයේ රිය අනතුරකින් පසුව ඇතිවූ  ගැටුම සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුමක් ලෙස අර්ථ දැක්වීමට අන්තවාදී කල්ලි කිහිපයක් කටයුතු කරමින් සිටියි. 

ඇතිවී තිබෙන තත්වය සමනය කිරීම සදහා විශේෂ දායකත්වයක් ලබාදීමට පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි කටයුතු කල බව ගාල්ල දිස්ත්‍රික් පා.ම මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කලා.

සාමාන්‍යයෙන් මුස්ලිම් විරෝධි ආවේගශ්‍රීලී භික්ෂූන් වහන්සේ නමක් ලෙස සැලකෙන උන්වහන්සේ මේ අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව සන්සුන් කරමින් ගැටලුවට සම්බන්ධ සියලු පාර්ශව සමග සාකච්ජා කොට විසදුමක් ගෙන ඒමට විශාල දායකත්වයක් ලබාදී තිබේ. 




No comments