Breaking News

උතුරු කොරියාවෙන් පැන එන සොල්දාදුවාට වෙඩි පිට වෙඩි තියන හැටි මෙන්න..! (VIDEO)


උතුරු කොරියාව අත්හැර දේශසීමා හරහා දකුණු කොරියාව වෙත පළා එමින් සිටියදී උතුරු කොරියානු ආරක්ෂක අංශවල වෙඩි පහරට පස් වතාවක් පමණ ලක්ව තිබූ සොල්දාදුවා ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

දකුණු කොරියානු රජයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ ඔහුගේ ජීවිත අවදානමක් පැවති බොහෝ අවස්ථා මේ වනවිට පහව ගොස් ඇති බවයි. එමෙන්ම, ඔහු වෙනුවෙන් සිදුකළ ශල්‍යකර්ම සාර්ථකව ඇති බවත් හෙතෙම පවසා තිබුණි.

පසුගිය සතියේදී එරට සුප්‍රසිද්ධි දේශසීමාවක් හරහා ඔහු දකුණු කොරියාව දෙසට පළා එමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්විය. එහිදී, වෙඩි පහර 40ක් පමණ ඔහු දෙසට එල්ල කර තිබුණත් ඔහුගේ ශරීරයට හානි කර තිබුණේ වෙඩි පහර පහක් පමණි.

කෙසේ වෙතත්, තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියා පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රසිද්ධ කිරීමක් සිදුකර නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.


No comments