Breaking News

පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා..! - රවි කරුණානායක කියයි

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වීමට සූදානම් බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩට අභියෝගයක් කරමින් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමිනි.

මන්ත‍්‍රීවරයා කියා සිටියේ අනිකා විජේසුරියට තර්ජනය කගේ යයි චෝදනා එල්ල වන ශනිල් නෙත්ති කුමාර නැමැත්තා තමාගේ ඥාතියකු යයි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා බැදුම්කර කොමිසම හමුවේ කියූ බවත් ඔහු විසින් එය ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

එ් බව ඔප්පු කල නොහැක්කේ නම් යසන්ත කෝදාගොඩ මහතා බැදුම්කර කොමිසමින් සමාව ගත යුතු යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය

No comments