Breaking News

න්‍යෂ්ටික යුධ ශීර්ෂ කියන්නේ මොනවද? කොච්චර බරද? විනාශය කොපමණද? - උතුරු කොරියාවේ මිසයිල ගැන ඔබ නොදත් සුවිශේෂී කරුණු මෙන්න


පසුගියදා උතුරු කොරියාව විසින් ඔවුන්ගේ " හාසොං" මිසයිල් පෙළපතේ නවතම මිසයිලය වන "හාසොං - 15" මිසයිලය අත් හදා බැලූ බව උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යංශ ජාත්‍යන්තර සම්බන්ධීකාරක මධ්‍යස්ථානය පවසනවා.....
මෙම බැලිස්ටික් මිසයිලයට පෙර, උතුරු කොරියාව විසින් ජූලි මාසයේ 04 වැනිදා අත්හදා බලන ලද හාසොං - 14 බැලිස්ටික් මිසයිලයට, උතුරු ඇමරිකාවේ ඇලස්කාව දක්වා දුරක පිහිටි ඉලක්කයකට පහර දිය හැකි බවට මත ඵලව තිබුණා......
උතුරු කොරියානු රෙජීමයේ ඒකායන අරමුණ උනේ, කෙසේ හෝ ඇමරිකා එක්සත් ජනපද දේශයට න්‍යෂ්ඨික යුද ශීර්ෂයක් ගෙන යා හැකි මිසයිලයක් අත්හදා බලන එක......ඒ කියන්නෙ එහෙම මිසයිල් රේන්ජ් එකක් ගන්න එක.....
 උතුරු කොරියානු පාලන අධිකාරිය පවසන අන්දමට ඔවුන් එම ඉලක්කය සපුරාගෙන තිබෙනවා.....
පසුගියදා අත්හදා බැලූ බව කියන හාසොං - 15 බැලිස්ටික් මිසයිලයේ පියාසැරිය පිළිබඳව උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය වගේම දකුණු කොරියාව සහ ජපානයත් විශේෂඥ නිවේදන නිකුත් කර තිබෙනවා.....
ඒවායේ සඳහන් පොදු කරුණු වලට අනුව -
- මෙම මිසයිල අත්හදා බැලීම සිදු කර ඇත්තේ උතුරු කොරියාවේ වේලාවෙන් අද උදෑසන 2.45 ට පමණ ( ජපානයේ වේලාවෙන් පෙරවරු 3.15 ට )
- මිසයිලය ගුවන් ගත කර ඇත්තේ ප්යොංයෑග් අගනුවර, අර්ධ නාගරික ප්‍රදේශයක මිසයිල අටල්ලක සිටයි.....
- ජපාන ආරක්ෂක ආරංචි මාර්ග පවසන අන්දමට මෙම මිසයිලයේ පියාසැරි කාළය විනාඩි 54 ක් වන අතර, එහි පරාවක්‍රයේ උපරිම උස කිලෝමීටර් 4,500 කි.... පියාසැරියේ භූ විස්ථාපනය ( තිරස් විස්ථාපනය ) කිලෝමීටර් 950 ක් ලෙස වාර්ථා වූ අතර, එය ජපානයේ අවුමෝරි සමුද්‍ර තලාවට කිලෝමීටර් 210 ක් බටහිරින් පිහිටි ප්‍රදේශය ඉලක්කයකට පථනය වී තිබෙනවා......
හෝසොං - 15 මිසයිලයේ කොටස් -
- ප්‍රධාන එන්ජිම 
- හැසිරවුම් එන්ජින් 
- ඉන්ධන කුටීරය 
- ඔක්සිකරණ කුටීරය 
( ඉහත සියල්ල තමා මිසයිල පියාසැරියේ පළමු අදියර හෙවත් බූස්ටර් ස්ටේජ් 1 )
- පියාසැරියේ සුළු කක්ෂයට එය ඇතුළු කර පරාවක්‍රය පවත්වා ගන්න කුඩා උප රොකට් බූස්ටර් සහ ඉන්ධන, ඔක්සිකාරක කුටීරයන් දෙක ( පියාසැරියේ දෙවනි අදියර )
- ඉලක්ක මාර්ග උපදේශන සන්නිවේදන උපකරණ 
- න්‍යෂ්ඨික යුද ශීර්ෂය හෙවත් "පේලෝඩ්"
== දැන් මෙතැන් සිට තියෙන්නෙ මගේ ඇනෑල්සිස් එක ==
මිසයිලයක පරාවක්‍රයන් ඒවායේ දෛශිකය අනුව ප්‍රධාන ආකාර දෙකකට බෙදේ -
1. මඤ්චිත පරාවක්‍රය - ( Lofted Trajectory )
මේක පැහැදිලි කරන්න, අපි රොකට් සයන්ස් පැත්තක තියලා ක්‍රිකට් වලට පොඩ්ඩක් එමු..... ඔබ ක්‍රිකට් රසිකයෙක් නම්, ඔබ දන්නවා සාමාන්‍ය ඩ්‍රයිව් පහර ගහන්නේ පන්දුව බිම දිගේ හතරේ සීමාවට යන ලෙස හසුරුවලා......ඒත් ඩ්‍රයිව් පහරේම වෙනත් ආකාරයක් තමයි "ලොෆ්ටඩ්" ඩ්‍රයිව් කියන්නෙ..... ඒ ඩ්‍රයිව් පහරෙදි පිත්තේ විශේෂිත ආනතියක් මගින් පන්දුව ඉහළට ඔසවනු ලබනවා.....අන්න ඒ වගේ මිසයිලයක පරාවක්‍රයේ මූලික ආනතිය පෘතුවිය මත අඳිනු ලබන මනෝමය තිරස් රේඛාවක් සමග සාදනු ලබන කෝණය ඉහළ අගයක් වෙන්න වෙන්න, මිසයිලය ගමන් කරන පරාවක්‍රයේ උස වැඩි වෙන අතර, එහි භූ විස්ථාපනය හෙවත්, එය විදින ලද ස්ථානයේ සිට පතනය වන ස්ථානයට ඇති දුර අඩු වෙනවා......
බැලිස්ටික් මිසයිලයක් මෙම පරාවක්‍රයේ විදිනු ලබන්නේ එහි පියාසැරියට ලබාගත හැකි උපරිම උස ( මහ පොළවේ සිට කොපමණ උපරිම උසකට එයට ඉහළ නැගිය හැකිද? ) පරීක්ෂා කිරීමට සහ එමගින්, සාමාන්‍ය හෙවත් ප්‍රමිති පරාවක්‍රයක් විද්දොත් කොපමණ දුරක් යා හැකිද කියන එක ගණන් බලා ගන්න.... මෙහෙම කරන්නේ බොහෝ විට මිසයිලය විදින ලද තැන සිට එහි ඉලක්කගත වන උපරිම දුරකින් ඇති තැනකට සොයාගන්න පහසුකම් හෝ ජාත්‍යන්තර අවසරය නැති අවස්ථා වලදි.....
2. සාමාන්‍ය / ප්‍රමිති පරාවක්‍රය ( Standard Trajectory )
මේ ඇවිල්ලා යම් බැලිස්ටික් මිසයිලයක උපරිම රේන්ජ් එක හෙවත් ගන්න පුලුවන් උපරිම ඉලක්ක දුර යෑම සඳහා, එම මිසයිලය විදිය යුතු ආනතිය සහිත පරාවක්‍රය....
අද උදෑසන සිදු කරන ලද මිසයිල් පරීක්ෂණයේදී මෙම හාසොං - 15 බැලිස්ටික් මිසයිලය විද තිබෙන්නේ මඤ්චිත පරාවක්‍රයක හෙවත් ලොෆ්ටඩ් ට්‍රැජෙක්ටරි එකක......එම මිසයිලයේ ලොෆ්ටඩ් ෆ්ලයිට් එක කිලෝමීටර් 4,500 ක උපරිම උන්නතාංශයක් ( ඇල්ටිටියුඩ් ) එකක් ලබාගෙන තියෙනවා..... ඒ කියන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටි උස වන, භූ මට්ටමේ සිට කිලෝමීටර් 409 - 435 පමණ පරාසය මෙන් 10 ගුණයක උන්නතාංශයක් එය ලබාගෙන තියෙනවා....
මේ පරාවක්‍රයන් දෙක අතර සබඳතාවයක් ගොඩ නගාගන්න, හෙවත් එකකින් අනෙක හිතාගන්න ඔබට බොහෝ බාහිර දේ සැළකිය යුතු වෙනවා.... ඒවායින් සමහර සාධක තමයි -
- වායු ඝර්ෂණය සහ වායව ප්‍රතිරෝධය 
- මිසයිලයේ රොකට් බූස්ටර් වල දහන ශීඝ්‍රතාවය, චේම්බර්, චැනල් සහ නොසල් වල දිග, පළල, පරිමාව, විෂ්කම්භය, ජනනය කරනු ලබන ශක්තිය, සහ උඩුකුරු තෙරපුමේ බලය 
- වායුගෝලීය ඝණත්වය සහ කාළගුණික තත්වයන්....
- බූස්ටර් ස්ටේජ් එක කොපමණ වෙලාවක් පවතීද
මේ සියල්ල වෙන වෙනම ගණනය කළ යුතු දේවල්......ඒවා පසෙකින් තැබුවොත්, මේ පරාවක්‍රයන් දෙක අතර සබඳතාව ගොඩ නැගිය හැකි සරලම ආකාරය වෙන්නේ
1/2 m ( vr^2 + vθ^2 ) - GMm / r = 1/2 mV0^2 - GMm / R
දැන් මේ කියන ආකාරයට ගණනය කරලා බැලුවොත්, මෙම මිසයිලයට භූ ලක්ෂ්‍ය අතර විස්ථාපනය හෙවත් ඉලක්ක ගත දුර ( රේන්ජ් එක ) කිලෝමීටර් 11,880 - 13,107 වගේ දුරක් ගන්න පුලුවන්.....
හාසොං පවුලේ අනෙක් අත්හදා බලන ලද බැලිස්ටික් මිසයිල දෙක වන අංක 12 සහ අංක 14 මිසයිලයන්ට එහි මඤ්චිත පියාසැරියේ ගත හැකි උපරිම උස වුනේ, පිළිවෙලින් කිලෝමීටර් 2180 ( මැයි 13 - 2017 පරීක්ෂණය ) සහ කිලෝමීටර් 2,878 ( ජූලි 4 - 2017 පරීක්ෂණය )
එම මිසයිල දෙකේ පියාසැරි කාළය වුනේ පිළිවෙලින් 12 සඳහා විනාඩි 27 .... 14 සඳහා කරන ජූලි 04 පරීක්ෂණය - විනාඩි 37 ක් සහ ජූලි 28 පරීක්ෂණය සඳහා විනාඩි 47 ක් ....
මෙම මිසයිලයේ පියාසැරි කාළය විනාඩි 54 ක්....
මේ සියලු සාධක සළකා බැලීමේදී ඔබට නිගමනයක් දෙන්න පුලුවන් -
"අද දිනයේදි උතුරු කොරියාව සමස්ථ ඇමරිකා එක්සත් ජනපදයම ආවරණය කළ හැකි බැලිස්ටික් මිසයිලයක් නිපදවා ඇති බවට"
කිලෝමීටර් 4,500 ක භූ දූරකය නිවැරදි නම්, වොෂිංටන් ඩී.සී. නිව්යෝක් ඇතුළු සියළු ඇමරිකානු මහා ජනපද කේන්ද්‍රස්ථාන වාසීන් ඔන්න දැන් නම් බය වුනාට කමක් නෑ......
උතුරු කොරියාවේ කිම් ජොන් ඌන් මල්ලි ට්‍රම්ප් අයියගෙ බෙල්ල ගලවන්න අවශ්‍ය රේන්ජ් එක අරගෙන තියෙනවා.....
නමුත් තාම එක වාසියක් තියෙනවා.... ඒ මොකක්ද?.....
මිසයිලයක් බොහෝ විට ටෙස්ට් කරන්නෙ එක්කෝ පේලෝඩ් ( හෙවත් ගෙන යන යුද ශීර්ෂය හෝ චන්ද්‍රිකාව හෝ අනෙකුත් වස්තුව ) ෆ්‍රී.... ඒ කියන්නෙ හිස් ශීර්ෂකයක් සහිතව..... නැත්නම් "ඩමී වෝ හෙඩ් " හෙවත් න්‍යෂ්ඨික යුද ශීර්ෂයක පරීක්ෂණ බර සහිත ව්‍යාජ ශීර්ෂයක් යොදාගෙන.....
මේ පරීක්ෂණයේදි කිලෝමීටර් 4,500 ක භූ දූරකයක් රඳවා ගත් මිසයිලයේ යුද ශීර්ෂයේ ශුද්ධ බර කොපමණද කියලා තාම වාර්ථා වෙලා නෑ......ලැබෙන වාර්ථාත් ඉතාම අපැහැදිලියි.....
"ප්‍රොජෙක්ටයිල් වෙපන් එකක" එහෙමත් නැත්නම් "ප්‍රක්ෂිප්ත අවියක" වෙහිකල් එකේ ( ප්‍රවාහක මාධ්‍යයේ / යානයේ - මිසයිලයේ ) රේන්ජ් එක ගන්න එක සාපේක්ෂව ලේසි ගණනය කිරීමක්.....ලේසි වැඩක්......
වඩා අමාරු දේ වෙන්නේ සතුරාට බරපතළ විනාශයක් සිදු කළ හැකි තරම් ස්කන්ධයක් සහිත යුද ශීර්ෂයක් පේලෝඩ් එක හැටියට එතරම් දුරක් ගෙන යන්න "ඩිලිවරි සිස්ටම්" එකක් වශයෙන් එම මිසයිලය දියුණු කරන එක......
අන්න ඒක කරන්න අවශ්‍ය තාක්ෂණය උතුරු කොරියාවට තියෙනවද කියන එක තාම ප්‍රශ්ණයක්......ඒ තාක්ෂණය තිබුණත්, එවැනි සැලකිය යුතු විනාශයක් කළ හැකි යුද ශීර්ෂ උතුරු කොරියාව හදාගෙනද ඉන්නෙ කියන එකත් ප්‍රශ්ණයක්.......
මේක ගැන අපි මෙහෙම බලමු - මිසයිලයක ගෙන යා හැකි යුද ශීර්ෂයේ බර, එයට ගත හැකි උපරිම රේන්ජ් එකට දක්වන විචලනයත්, ඒ ඒ දුරින් පිහිටා ඇති ඇමරිකා එක්සත් ජනපදයේ කළාපත් ඇසුරෙන් මෙය පැහැදිලි කර ගමු....
- Table of Possibilities -
- ශීර්ෂයේ බර ( බෝම්බයේ බර ) කිලෝ 1000 ක් නම් - දුර කිලෝමීටර් 5149.01 ක් පමණ - එවිට ජපානයේ ගුවාම් හි පිහිටි ඇමරිකානු ගුවන් හමුදා කඳවුර ආවරණය කළ හැක.....
- ශීර්ෂයේ බර කිලෝ 850 ක් නම් - දුර කිලෝමීටර් 5632.7 ක් පමණ - ඇමරිකාවේ ප්‍රාන්තයක් වන කැනඩාවට උතුරින් පිහිටි ඇලස්කාවේ "ඇන්කරේජ්" නම් නගරයත් ආවරණය වේ...
- ශීර්ෂයේ බර කිලෝ 750 කට පමණ අඩු කළොත් - රේන්ජ් කිලෝමීටර් 6920.5 ක් පමණ වේ - හවායි හි ඕහු දූපතේ සුප්‍රකට පර්ල් වරාය ආවරණය වන අතර, ඇමරිකානු නාවික හමුදාවේ 7 වැනි නාවුක සේනාංකය මුළුමණින්ම ආවරණය වේ....
- බර කිලෝ 650 නම් - දුර කිලෝමීටර් 8046.72 - බටහිර වෙරළේ සැන් ෆ්‍රැන්සිස්කෝ ආවරණය වේ
- බර කිලෝ 400 ක් නම් - දුර කිලෝමීටර් 11,265.41 ක් - නැගෙනහිර වෙරළේ සියළු නගර සමග නිව්යෝක් නගරයද ආවරණය වේ.....
***හිරෝෂිමාව වැනසූ ලිට්ල් බෝයි බෝම්බයේ බර කිලෝ 65 ක් පමණි..... ( පිපුරුම් ස්කන්ධය සහ ජනන ශක්තිය ගැන වෙනම ස්ටේටස් එකක් දමා පැහැදිලි කළ යුතුය..... )
හාසොං - 15 ට ගෙන යා හැකි යුද ශීර්ෂයේ බර කොපමණද යන්න ගැන තවම නිශ්චිත නැත.....ඒ උනත්, ඉහත මා ගෙන හැර දැක්වූ සරල වගුවට අනුව, එය කිලෝ 300 ක පමණ න්‍යෂ්ඨික යුද ශීර්ෂයක් වන්නේ නම්, හිරෝෂිමා බෝම්බය මෙන් 5 - 8 ගුණයක ශක්තියක් එම පිපුරුම මගින් ජනනය කළ හැකි අතර, නිව්යෝක් වැනි නගරයක් අලු දූලි කර දමන්නට එවැනි ශීර්ෂයක් ප්‍රමාණවත්ය......
ඔවුන් මුහුණ දෙන අනෙක් අභියෝගයන් වන්නේ -
- ඇමරිකාවේ නගර රැසකට එකවර පහර දෙන්නට තරම් මිසයිල ඔවුන්ට නිපදවා ගත හැකිද යන්න
- එම මිසයිල නිවැරදි ඉලක්ක කරා ගෙන යන මඟ පෙන්වන උපකරණ වල සුහුරු තාක්ෂණය වඩා ඉහළ සුසාධිත නිරවද්‍යතාවයකට ගෙන ඒමට ඔවුන්ට තාක්ෂණය තිබේද යන්න.....
කොහොම උනත්, උතුරු කොරියානුවන් විසින් ඇමරිකානුවන්ගේ හිස මත එල්ලමින් පවතින කඩුව කඩා දමා, එම අනතුරෙන් ගැළවීමට ඇමරිකාවට තවමත් කල් තිබේ......එහෙත් උතුරු කොරියානුවන් ශීඝ්‍රයෙන් සිය අවි පද්ධති වල ශක්‍යතාවය වර්ධනය කර ගන්නා බැවින් ඇමරිකාව වහාම ගන්නා පියවරක් ගත යුතුය..... කල් මරන්නට කාළය නැත....

 - දමිත් කේතක 




No comments