Breaking News

දුම්රිය සේවය පෞද්ගලීකරණය කල යුත්තේ ඇයි?


පසු ගිය වර්ශ 4කට අදාලව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබා ඇති ලාභාලාබ පිලිබඳ ගනන් හිලව් මෙසේ දිග හරිමු.
1. ප්‍රාග්දන වියදම - capital expenditure (උද: නව ඉදිකිරීම්)
2012 - රු බිලියන 30.25
2013 - රු බිලියන 20.39
2015 - රු බිලියන 30.43
2016 - රු බිලියන 15.69
2. පුනරාවර්තන වියදම් - recurrent expenditure (උදා: පඩි නඩි හා නඩත්තු වියදම් )
2012 - රු බිලියන 8.67
2013 - රු බිලියන 10.58
2015 - රු බිලියන 14.04
2016 - රු බිලියන 13.39
3. ආදායම
2012 - රු බිලියන 4.85
2013 - රු බිලියන 5.42
2015 - රු බිලියන 6.33
2016 - රු බිලියන 5.45
අලාභය ගනනය කිරීම
අලාභය ගනනය කිරීමේදී රජය විසින් වැය කල ප්‍රාග්දන වියදම සැලකීම සුදුසු නැත. දුම් රිය යනු රටකට අත්‍යාවශ්‍ය සේවයකි. රජයක් විසින් දුම් රිය ඇතුලු පොදු ප්‍රවාහනය සඳහා වියදන් කරන මුදල, එම රටේ ආර්තික දියුණුව උදෙසා සෘජු මෙන්ම වක්‍රාකාරයෙන් වාසි ගෙනෙන බව අමුතුවෙන් කිව යුතු නැත. පොදු ප්‍රවාහනය දියුනු වීම තුලින් පෞද්ගලික වාහන දාවනය අඩු වනු ඇත. එයින් මාර්ග නඩත්තුව සඳහා වන වියදම අවම වේ. පොදු ප්‍රවාහනය කාර්යක්ශම නම් ඒ තුලින් මගීන්ගේ ඉතුරු වන කාලය හා ඉන්දන සඳහා රජය විසින් දැරිය යුතු වියදම් අවම වීමද විශේශයෙන් සැලකිය යුතුය. එම නිසා අලාභය ගනනය කිරීමේදී පුනරාවර්තන වියදම සහ ආදායම අතර වෙනස සලකා බලමු.
වාර්ශික අලාභය
2012 - රු බිලියන 3.79
2013 - රු බිලියන 5.16
2015 - රු බිලියන 7.71
2016 - රු බිලියන 7.94
පෞද්ගලීකරනය කල යුත්තේ ඇයි?

මිලියන 20ක් වූ ශ්‍රී ලාංකික මහජනතාවගේ බදු මුදල් වාර්ශිකව නිස්කාරනේ බිලියන ගනනින් නාස්ති වන බව ඉහත අගයන්ට අනුව පැහැදිලිය. මේ සඳහා කල යුත්තේ, දක්ශ රාජ්‍ය කලමනාකරනයකට යටත් කිරීම බව කෙනෙකුගේ අදහස විය හැක. දෛනික කාර්යය අවසන් කරන කාලය නිර්නය කිරීම සඳහා විදුලි සෙන්සර් උපකරන සවි කිරීම නිසාවෙන් තමන්ගේ අයිතීන් උල්ලංගනය වන බව පවසන හිඟන වෘතීය සමිති සාමාජිකයන් පිරිසක් සිටින දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය කළමනාකරයක් යටතේ 'යහමගට' ගත හැකි බව කෙනෙක් සිතන්නේ නම්, අදාල පිරිස් හට, වන්නිතම්මැන්නාවේ 'ටසිරි' ලමා සමාජේ වාර්ශික ආදයමින් නොමිලේ සස්ටජන්, ත්‍රිපෝශ සහ පීඩියා ප්‍රෝ ලබා දීමට කටයුතු කල හැක.

සියල්ලටම ප්‍රතමයෙන් අප සැලකිය යුතු වන්නේ අප ගෙවනා මුදලට සාපේක්ශව ලබා දෙන සේවාව ගුණාත්මකද යන්නයි. නහයක් ඇති එකෙකුට වැසිකිලියට යා නොහැක. හතර අත ගූ කෑලිය. රාජසිංහ රජතුමාගේ කාලයේ ජර්මනියෙං ගෙන්නන ලද ආසන වල සිටින මකුනන් පස්සා පැත්තට ඇනීම්ද කෙලවරක් නැත. සේවාව ගුණාත්මක නැත. ගුණාත්මක නැති සේවාවන් ගුණාත්මක කිරීමේදී පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා ගව් ගානක් ඉදිරියෙන් බව අපි කවුරුත් දන්නා සරල කරුනකි. සෙන්සරේට ඇඟිලි සලකුණු තියන්න බැරි සේවක ඩස්පියන් යහ මගට ගන්න ආකාරය පෞද්ගලික අංශ හොඳින් දනී. සේවකයාගේ බැරිනම් සේවකයාගේ මවගෙං හෝ අදාල වැඩේ කොරගන්න ආකාරය පිලිබඳ පෞද්ගලික අංශය ප්‍රවීනතාවක් දක්වති. බිකෝස් හුරතල් නැත.

දුම්රිය සේවය පෞද්ගලීකරනය යනු සියලූම වගකීම රාජ්‍ය අංශයෙන් පුද්ගලික අංශයට භාර දීම නොවේ. ප්‍රාග්දන වියදම පෙර සේම රජය විසින් දැරිය යුතුය. මන්ද වියදම් කරන ප්‍රාග්දන වියදම සෘජුව මගියාගෙන් අයකර ගත හොත් එක ටිකට් පතක මිල ඉතා ඉහල යනුඇත. එම නිසා ලාභයක් ලබා නොදෙන ප්‍රාග්දන වියදම පෞද්ගලික අංශයට පැවරීම කල නොහැකිය. රෙගුලාසි සකස් කිරීම සහ නියාමයන රජයේ ආයතනයක් මඟින් සිදු කල හැක. නඩත්තු කටයුතු පෞද්ගලික අංශයට භාර දිය හැක. ටිකට් පත් වලින් ලැබෙන ආදායමින් ඔවුන්ගේ ලාභ ලබා ගත යුතු අතර රාජ්‍ය විසින් පනවන ප්‍රමිතිය සහතික කල යුතුය. මෙයින් සාර්තකත්වය අත්පත් කරගත් ලෝකයේ රටවල් රැසකින් උදාහරන ගත හැක...........
එනයින්....
තව දුරටත් ජනතාවට බරක් වෙමින්, ගුණාත්මක භාවයෙන් පිරිහුනු දුම්රිය සේවය නගා සිටුවීමට වස්........ වික්‍රමසිංහ මහත්තයෝ.... කෝච්චිය විකුනන්නේ කවදාද??

- පණ්ඩුල නයන බණ්ඩාර

No comments