Breaking News

" මම ආප්ප හැදුවේ මහින්ද මහත්තයට , ඒත් කෑවේ මෛත්‍රී මහත්තයා" රටම කතා කළ ජනපතිවරුන් කෑ අමුතු ආප්පය හදපු බාස් මෙන්න .!



"ආප්ප" කතාවක් 2015 වසරේ ජනපතිවරණ වේදීකාවේ ප්‍රසිද්ධ කතාවක් විය. 
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එකම මේස‍යක සිට අප්පා කා , එවකට සෞඛ්‍යය අමාත්‍ය, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයට එක්වූ බව කියැවිනි.
කෙසේ වෙතත් මෙම ප්‍රසිද්ධ ආප්ප සෑදුවා යැයි කියවෙන පුද්ගලයෙකු පිළිබදව සටහනක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියෙන් අපට හමු වුණා. 
ඔහු සාදන මෙම ආප්ප එදිනෙදා ජීවතයේ අප දකින සාමාන්‍ය ආප්පයකට වඩා වෙනස් හැඬයකින් යුක්ත වීමද විශේෂත්වයකි.
// ඔහු පිළිබදව ෆේස්බුක් වෙබ් අඩවියේ ලියැවුනු සටහන පහතින්,
ලෝකයේ වැඩියෙන්ම කතා වූ ආප්පයේ සැබෑ නිර්මාණකරුවා හමුවිය.........................!
එදා 2014.11. 17 දනයයි අද 2017. 11. 24 අළුයම 2 යි. අප බොහෝ දෙනා සිතා සිටියේ වර්තමාන ජනපතිතුමා එදා කාපු ආප්පය සාමාන්‍ය එකක් කියාය. එහෙත් එය මෙවැනි සුන්දර ආප්පයක් බව මේ මහා පාන්දර දැනගැනීමෙන් මටත් දෙනුවන්ටත් පින්න වියලී දහඩිය දැමීය. "එදා මම මහින්ද මහත්තයටයි ⁣මේ විදියට ආප්පේ දැම්මේ ඒ්ත් මෛත්‍රී මහත්තය කෑවේ" කියා ඔහු ප්‍රකාශ කළ අතර ඒ් සොඳුරු නිමැවුුමත් ඔහුගේ ජීවිතයේ් කටුක බවත් පිළිබඳ බොහෝ වේලා දොඩමළු වීමට හැකි විය. ජීවිය පිළිබඳ විශ්ව විද්‍යාලයක් වූ ඔහු මට මහාචාර්යවරයෙකු සේ දේ්ශනයක් දී අවසානයෙ කියා සිටියේ "මම එකවසරට වත් ඉස්කෝලේ ගිහින් නෑ" කියායි. මේ සොඳුරු සිනහව යට සැනින් හමු වූ සහෝදරයෙකු මිතුරෙකු සහ ගුරුවරයකු නිර්මාණය විය.
පුදුුම පාන්දරකි අද පැය දෙකක් හෝ නිදාගත යුතුය. අමතක කළ නොහැකි දුක්බර කතා කන්දක් මැද සිනහා උපදවන ආප්පයේ කතාව පමණක් කියා නින්දට යමි. සැගවූ දුක්බර සත්‍ය දිනෙක ගීතයක් ලෙස ඔබට ආපසු එවමි.
උපුටා ගැනීමක්... //
උපුටා ගැනීම ෆේස්බුක් වෙබ් අඩවියෙනි.
 

No comments