Breaking News

ජනවාරියේ සිට ලංකාවට එන නිසාන් ලීෆ් Brand New කාර් එක ඔබ දුටුවාද..? (VIDEO)


නිසාන් ලීෆ් නවතම වාහන (Brand New) 2018 වසරේ සිට ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත් කරන බව ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ප්‍රදීප් විජේරත්න පවසනවා.
එතුමා අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මව් සමාගම සමග සාකච්ඡා කර ඇති බවයි.
ජපානයේ නිසාන් සමාගම විද්‍යුත් වාහන ගෙන්වීමේදී නියමයන් කිහිපයක් සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවයි ප්‍රදීප් විජේරත්න පෙන්වා දෙන්නේ.
ඉවත්කරන බැටරි නිවැරදිව ගබඩා කරන අයුරු, ඉවත්කරන බැටරි යළි ප්‍රතිඅපනයනය කරන අයුරු සහ බැටරි ආරෝපණය ඇතුළු යටිතල පහසුකම් එම නියමයන් මගින් සලකා බැලෙනවා.
එම පහසුකම් සම්පූර්ණ කිරීම නිසා මෙම වාහන ලබන වසරේදී මෙරටට ගෙන්වීමේ අවස්ථාව හිමිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සුගත් ධර්මප්‍රිය


No comments