Breaking News

ආවේ සිරිපා කඳු මුදුනට යන්න..දුම්රියේදී ගමන් මල්ල හොරු අරන් - සන්තකයම අහිමිවුණු ස්පාඤ්ඥය ජාතිකයාට පිහිට වූ අපේම මිනිසුන්ගේ මනුසත්කම..(PHOTOS)



14 සවස කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියෙන් , අවාරේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණී ස්පාඤ්ඥය ජාතිකයෙකුගේ ගමන් මල්ල කිසියම් පුද්ගලයෙකු විසින් දුම්රිය තුලදි සොරා ගෙන ඇති බවට එම ස්පාඤ්ඥ ජාතිකයා විසින් හැටන් පොලිසියට පැමිණීල්ලක් කර තිබෙනවා.
ෆැරුන්සිස්කෝ ලෝෆෙස් (64) හැවරදි මෙම ස්පාඤ්ඥයේ රජයේ විශ්‍රාමික ගිණී නිවන භටයෙකු වන අතර මීට දින දෙකකට ප්‍රථම ලංකාවට පැමිණ ඇත්තේ දින හයක සංචාරයක් සදහායි. ඔහුගේ පළවන සංචාරය වී ඇත්තේ ශ්‍රිපාද කඳු මුදුනට ගොස් ඉර සේවය නැරඹීමයි. 
උඩරට මැණිකේ දුම්රියේ දෙවන පංතියේ කොළඹ කොටුවෙන් ගමන් ආරමිභ කළ මෙම ස්පාඤඥ ජාතිකයා හැටන් දුම්රිය ස්ථානයට ළඟාවන අවස්ථාවේ දුම්රිය මැදිරියේ රාක්කයක් මත තබා තිබු ඔහුගේ ගමන් මල්ල නැතිවී තිබෙනවා.
ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය, දේශීය හා විදේශීය මුදල් ප්‍රමාණයක්ද ඔහු සන්තකයේ තිබී තිබෙනවා. 
හැටන් පොලීසියට පැමිණිල්ලක් කිරිමෙන් පසු හැටන් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ සහයෝගය මත හැටන් නගරයෙන් ගමන් මල්ලක් මිළදි ගෙන ඔහුගේ සංචාරය සදහා අවශ්‍ය ඇදුම් කිහිපයක්ද හැටන් නගරයේ ඇදුම් අලෙවි සැලකින් මිළදි ගෙන ඔහුගේ සංචාරය සදහා පිටත්වගොස් තිබෙනවා.සිද්ධිය පිළීබදව හැටන් පොලිසිය පරික‍ෂණ පවත්වයි.

No comments