Breaking News

"කිසිදා අත් නොහැරි බලාපොරොත්තුව" - විරූපි මුහුණකින් උපත ලැබූ "කෝඩි" විවාහ දිවියට (PHOTOS)



1992 වසරේදී උපත ලැබූ කෝඩි හෝල් මෙලොව එළිය දකින්නේ මුහුණේ හටගත් දරුණු විරූපීයතාවයක්ද සමඟයි. වෛද්‍යවරුන්ට අනුව මෙම විරූපීතාවයට හේතුව විශාල ප්‍රමාණයේ උපන් ලපයකි. මෙය නිවැරදි කිරීමට හැකි කිසිවෙකුත් නැතැයි වෛද්‍යවරුන් පවසා ඇත.  කෙසේ වුවත් එය පිළි නොගත් කෝඩිගේ මව සිය දියණියගේ මුහුණ සුන්දර කිරීම සඳහා විවිධ උත්සාහයන්  ගත්තාය. 

විරූපීතාවයන් සැත්කම් මගින් ප්‍රකෘති කරවන ඇමරිකානු වෛද්‍යවරයෙකු ගැන ඇය දැනගන්නේ ඒ අතරතුරදීය. 

පවුම් 230,000ක්ද සමඟින් ඇය වසරක් වයසැති කෝඩිද කැටුව ඇමරිකාවේ රූස්වෙල්ට් රෝහලට පැමිණ තිබේ. 

මේ කාලයේදී කෝඩිට සැත්කම් 18ක් පමණ සිදුකර තිබේ. 

"පාසල් කාලයේදි හුඟදෙනෙක් මං දිහා බලනකොට ලොකු අසීරුතාවයක් ඇතිවුණා. ඒත් කාලයත් එක්කම මිනිස්සු තේරුම් ගත්තා මම කවුද කියලා. හුඟ දෙනෙක් මගෙ වෙනස දැකලා සුබ පැතුවා." කෝඩි පවසන්නීය.

කෝඩිට තම ස්වාමි පුරුෂයා වන 27 හැවරිදි ලුවිස් හෝල්ට් හමුවන්නේ අදින් වසර අටකට පමණ පෙරයි. පසුගිය ජූනි මාසයේ දී ඔවුන් විවාහ ගිවිස ගත්තේය.  පසුගියදා විවාහ විය. 

"මේ දවස මට වඩාත් හැගුම්බර දවසක්. මට කඳුලු එනවා. ඒ සියල්ලම සතුටු කඳුලු. මට වුවමනා වුනේ මේ සියල්ලන්ගෙම සතුටුදායක අවසානයක් හැමෝටම පෙන්වන්නයි." කෝඩි පවසන්නීය.

ඒ අනුව තවදුරටත් කෝඩිගේ මුහුණට සැත්කම් අවශ්‍ය නොවන බව කෝඩිගේ  අදහසයි. 




No comments