Breaking News

අඩි තුන්දහසක් යට මුහුදු පතුලේ දී, අතුරුදහන් වූ ආජන්ටිනා සබ්මැරීනයේ ඉරණම විසදෙයි...! (PHOTOS/VIDEO)



අතුරුදන් ආජන්ටිනා සබ්මැරීනය මුහුදේ අඩි 3000 ක්‌ යට ඇති බවට ඇමරිකානු අධිතාක්‍ෂණික ගුවන් යානාවක්‌ විසින් සොයාගෙන තිබෙනවා. 
සැන්ජුමන් නමින් හඳුන්වන මෙම සබ්මැරීනයේ නාවිකයන් 44 ක්‌ ගමන් කළ අතර ඔවුන් සමග කාන්තා නැවියෙක්‌ ද සිටි බවයි වාර්තා වන්නේ. 
එලියානා ක්‍රව්සියාන් නමැති ඇය ආජන්ටිනාවේ නාවික හමුදාවේ සිටින එකම සබ්මැරීන් නිලධාරිනියයි.
මෙම සබ්මැරීනයෙහි ඇති ඔක්‌සිජන් වායුව අවසන් වන බවට වාර්තා වී තිබුණා.
ආජන්ටිනා සබ්මැරීනයේ සිටින නැවියන් කණ්‌ඩායම බේරා ගැනීම සඳහා මීටර් 600 ක්‌ ගැඹුරට යා හැකි ඇමරිකානු යාත්‍රාවක් ඉදිරිපත් වී ඇති අතර එම යාත්‍රාවෙන් වරකට නැවියන් 18 ක්‌ බේරා ගත හැකියි.
 එහෙත් සියලුම නැවියන් මේ වන විටත් මරුමුවට පත්වී ඇති බවටයි ආජන්ටිනා නාවික හමුදාව නිවේදනය කර තිබෙන්නේ.
 මෙම සම්බැරීනය තුළ පිපිරීමක්‌ සිදුවී තිබෙනවා. එම පිපිරීමට අදාළ තොරතුරු ආජන්ටිනා නාවික හමුදාව වසන් කළ බවට නැවියන්ගේ ඥතීන් මේ වන විට චෝදනාවක්ද එල්ල කරනවා.
 ආජන්ටිනා සබ්මැරිනයෙන් ලැබුණු අවසන් පණිවුඩයෙන් පසු බරපතළ පිපිරීමක්‌ සිදු වී සියලුම නැවියන් මරුමුවට පත්වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
පසුගිය නොවැම්බර් 15 දා අතුරුදන් වූ ආජන්ටිනා සබ්මැරීනය පිපිරීමේ සිද්ධිය ආජන්ටිනා රජය ද දැන සිටි බවටද නැවියන්ගේ ඥතීන්ට තොරතුරු වාර්තා වී තිබුණා.
 දවස්‌ ගණනාවක්‌ම රජය මේ පිපිරීම වසන් කර සබ්මැරිනය සොයන බවට මවාපෑමක් කළ බවයි ඥාතින් චෝදනා කරන්නේ.
 මෙය මුළු නාවික හමුදාවටම සිදුවූ අවමානයක්‌ බවද කෝපයට පත් ඥතීන් පවසනවා.

 මෙම පිපිරීම ඇමරිකාවද දැන සිටියත් ඔවුන්ද කිසිදු තොරතුරු හෙළි කර නැහැ.

 සබ්මැරීනයේ සිටි නිලධාරීන්...


No comments