Breaking News

මහින්ද මහත්තයා පාපැදියෙන් පාර්ලිමේන්තුවට (VIDEO)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්, පාපැදි වලින් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

මේ අතර ලබන වසර සදහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනා සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වූ අතර එහිදී අයවැය සදහා අනුමැතිය හිමිවූ බවටයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

අද පස්වරු 3 ට ලබන වසර සදහා මුදල් වෙන් කෙරෙන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු, මෙම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වනවා.

මේ වනවිටත් ඒ සදහා සියලූ කටයුතු සූදානම් බවයි පාර්ලිමේන්තුවේ සිටින අප වාර්තාකරු සදහන් කළේ.

හිටපු ජනපති ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාපැදියෙන් පැමිණි අයුරු පහතින්


https://youtu.be/q8rEjOTqYHo

No comments