Breaking News

තණමල්විල මහ ගැටුමක්...! (VIDEO)


නියං සහනාධාර වශයෙන් ලබාදුන් ආහාරද්‍රව්‍ය  වල කිසිදු ප්‍රමිතියක් නොමැතිවීම නිසා තණමල්විල ප්‍රදේශයේ ජනතාව ඊයේ උද්ගෝෂණයක නිරත වුණා.

සත්ව පරිභෝජනයට හෝ නුසුදුසු ආහාර තමන්ට ලබාදීම නිසා කුපිත වූ ජනතාව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධය එල්ල කල අතර අදාළ සළාක සඳහා කොන්ත්‍රාත් ලබාගත් පුද්ගලයා එම ස්ථානයට පැමිණීමත් සමඟ තත්වය උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා. 

ප්‍රාදේශිය ලේකම්වරයා පැමිණ ප්‍රමිතියෙන් යුතු ආහාර මල්ලක් ලබාදෙන බවට පැවසීමත් සමඟ ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව ගියා. 

No comments