Breaking News

කැනඩාවේ කෝටිපතියන් පුදුම කල ලංකාවේ කොල්ලාගේ ව්‍යාපාර අදහස (VIDEO)


කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකීක තරුණ ව්‍යවසායකයෙකු වන කමාජ් සිල්වා, එරට නාලිකාවක විකාශය වන සුලු පරිමාණ ව්‍යාපාරිකයින්ට කෝටිපති ව්‍යාපාරිකයින් විසින් ආයෝජන පහසුකම් සැලසීමට අදාල Dragons' Den නම් වැඩ සටහනේදී එහි පැමිණ සිටි ව්‍යාපාරිකයින් පුදුම කරවීමට සමත්වී ඇතැයි වාර්තා වී තිබේ.

වසර කිහිපයක් අලෙවිකරණ ක්ෂේත්‍රය තුල රැදී සිට පසුව සිය රැකියාව අහිමි වී සිටි අවස්ථාවේදි පැමිණි අදහසක් අනුව ඩොලර් 700ක් ආයෝජනය කර ආරම්භ කල ඔහුගේ මෙම ව්‍යාපාරය (Sneakertub) මේ වනවිට ඩොලර් 200,000ක ආදායමක් ජනනය කිරීමට සමත්ව ඇත.

ප්‍රසිද්ධ සන්නාම යටතේ වෙළඳපොලට එන නවතම විලාසිතාවන්ගෙන් යුතු පාවහන්, මේස්, ඇගලුම්, හිස්වැසුම් සහ වෙනත් පැළදුම් සහිත පෙට්ටියක් මාසයක් පාසා සිය ගණුදෙනුකරුවන්ගේ නිවසට ගෙන ගොස් දීම ව්‍යාපාරයයි. 

ඔහුගේ එම ව්‍යාපාරය වැඩි දියුණු කරගැනීම සඳහා කොටස්කරුවකු සොයමින් සිටියදී කමාජ් මෙම වැඩසටහනට සම්බන්ධ වනවා. එහිදී ඔහුගේ ව්‍යාපාර අදහස දැක උද්දාමයට පත්වන කෝටිපති ව්‍යාපාරිකයින් විවිධ යෝජනා ඉදිරිපත් කරනු ලබන අතර ඔහු ඉන් අතරින් එක් අයෙකු තෝරා ගනු ලබනවා. 

කමාජ් සම්බන්ධ වූ එම වැඩසටහනේ වීඩියෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක. 

No comments