Breaking News

මත්තලින් ඩුබායි යන්න ආ පිරිසට අත්වූ අවාසනාවන්ත ඉරණම (VIDEO)


විදෙස් ගතවීමට මත්තල ගුවන් තොටුපලට පැමිණි මගීන් තුන්දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීම හේතුවෙන් එම සංචාරය අවලංගු වූ බවට ඔවුන් චෝදනා කරනවා. 

මෙම ගුවන් මගීන් තුන්දෙනා සංචාරක වීසා මත ඩුබායි බලා යාමට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇත්තේ ඊයේ උදෑසනයි. 

එහෙත් එහි රැඳී සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් තමන් රදවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගමනට ඉඩ ලබාදුන්නද මගී කවුළු වසා තිබීම හේතුවෙන් විදෙස් ගත වීමට නොහැකි වූ බවයි ඔවුන් කියා සිටියේ. 

සිය සංචාරය අවලංගු වූ බැවින් ඊට නිසි වන්දියක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. 

කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබදව අප විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ උපුල් දේශප්‍රියගෙන් විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ ඔවුන්ට අවශ්‍ය නම් ඉන්පසුව පවතින ගුවන් යානයෙන් යාම සඳහා ගමන් පහසුකම් සැළසිය හැකි බවයි. 


No comments