Breaking News

කොරියානු තරුණියෝ ජනපතිට හූ කියයි...! සිදුවූ උණුසුම් සිදුවීම මෙන්න (VIDEO)


දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (28දා) දකුණු කොරියාවේ, සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්ථානයකදී අනපේක්ෂිත ලෙස මිතුරෙකු හමුවී තිබේ.
ඒ අන් කවරයෙකුවත් නොව දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් මහතාය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් මහතා අතර නිල හමුව හෙට (29දා) සිදුවීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබඳ සිය  පැහැදීම පළ කරමින් ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගැනීමට අද දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්යේසා විහාරස්ථානය වැද පුදා ගැනීමට අද (28දා) පස්වරුවේ එක් වූ අතර, සියලුදෙනා පුදුමයට පත්කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන පෙරමග බලා සිටි ඇත.
එහිදී ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිවරයා සිය නිල හමුව හෙට දිනට යෙදී තිබුණු ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත්‍රශීලි පිළිගැනීමක් ලබාදීමට තමා මෙහි පැමිණි බව කියා තිබුණි. 

මෙම නිහතමානී සහ විශිෂ්ට පිළිගැනීම වෙනුවෙන් කොරියානු ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය සහ ගෞරවය පිරිනැමූ ජනාධිපතිවරයා මෙම හෘදයාංගම මිත්‍රශිලිත්වය තම ජීවිතයේ සුවිශේෂී මතක සටහනක් බවද සඳහන් කර තිබේ. එමෙන්ම මෙය දකුණු කොරියානු ජනාධිපතිවරයා තුළ ශ්‍රී ලංකාවත් එහි ජනතාවත් පිළිබඳ ඇති ගෞරවය සහ පැහැදීම මනාව තහවුරු කරන්නක් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

තමන් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ගමෙන් පැමිණි නායකයින් ලෙස ජනාධිපති ධුරය දක්වා පැමිණියේ ඉතා දුෂ්කර ගමනක් බව සිහිපත් කර ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා තමන් දෙදෙනාම අද ජනතාව වෙනුවෙන් ජනතාවාදී සේවයක් ඉටු කිරීමට කැපව සිටින බව සඳහන් කර තිබේ.

එමෙන්ම දෙරටට පොදු තත්ත්වයන් රැසක් පවතින බව සදහන් කර ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා රටවල් දෙකම අධිරාජ්‍යවාදයට යටත්ව සිටි බවත්, යුද අත්දැකීම්වලටද මුහුණදී අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ රටවල් බවද කියා ඇත. යුද ජයග්‍රහණයෙන් පසු ශීඝ්‍ර සංවර්ධනයක් කරා පිය මනිමින් වංචාව හා දූෂණයට එරෙහිව සටන් කිරීමටද රටවල් දෙකම කටයුතු කරමින් සිටින බ ද දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
මෙම තත්ත්වයන් තුළ රටවල් දෙක අතර සුවිශේෂී සබඳතා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවට  දකුණු කොරියානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කර ඇත.

සාමාන්‍යයෙන් කොරියානු ජනතාව සිය සතුට දරාගත නොහැකි අවස්ථාවලදී හූ කියන අතර ජනාධිපතිවරයා පැමිනෙන පෙරමඟ රැදී සිටි තරුණියෝ රැසක් හූ කියමින් ජනාධිපතිතුමන්ව උණුසුම් ලෙස පිළිගත් ආකාරය ජාතික රූපවාහිනී කැමරාවේ සටහන්ව ඇත. 

දෙරටේ නායකයින් වෙත මෙහිදී සිය ආශිර්වාදය පළ කළ ජොග්යේසා විහාරස්ථානයේ ප්‍රධානී පූජ්‍ය සෝල් ජෙඔන්ග් හිමියන් නිහතමානී නායකයින් දෙදෙනෙකු ලෙස ජනාධිපතිවරු දෙදෙනාම තම රටවල් නිසැකයෙන්ම  අභිවෘද්ධිය කරා ගෙන යනු ඇති බව සඳහන් කර තිබේ.
1913 අනගාරික ධර්මපාලතුමා විසින් ජොග්යේසා විහාරස්ථානයේ තැන්පත් කරන ලද සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළ කර ඇත.

අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ, මලික් සමරවික්‍රම යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටී.
1_01(4)
02040708091012131617

No comments