Breaking News

අවුරුදු 18 ට අඩු දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මොළයට හානි වන බව පර්යේෂණවලින් සනාථ වේ.




වයස අවුරුදු 17 ට හෝ 18 ට අඩු දරුවන් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් ඔවුන්ගේ සිතීමේ ශක්තියට අදාළ මොළයේ කොටසට හානි සිදුවන බවට පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා.

කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ නයනානන්ද කුමාරනායක මහතා reporter වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාසල් දරුවන් අතර මෙවැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වර්ධනය වෙමින් පවතින බවයි.

අවුරුදු 17ට හෝ අවුරුදු 18ට ඉස්සෙල්ල ගංජා වැනි මත්ද්‍රව්‍ය ගත්තොත් එහෙම අපේ සිතීමේ ශක්තියට අදාළ මොළයේ කොටසට හානි වෙනවා කියල අද වන විට ස්ථිර වශයෙන්ම සමීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා.

"ළගදි මගෙ ළගට පුද්ගලයෙකු ආවා ඔහුගේ වයස අවුරුදු 30 යි.ඔහුට කිසිම වැඩක් කරන්න බෑ.හැමදේම     කරද්දි අසාර්ථක වෙනවා.ඔහුට තිබුණු ලක්ෂණ තමයි දැඩි ලෙස අමතක වීම.ඒ වගේම වැඩක් කරගන්න   ආත්මශක්තියක් නොමැති වීම.මනස දුර්වල වීම.ඉතින් බලාගෙන ගියාට පස්සෙ, ඔහු දැනට අවුරුදු
 5ක් තිස්සෙ ගංජා බොන්නේ නෑ.ඔහු ගංජා බීලා තියෙනවා වයස අවුරුදු 16 ඉඳන්. වයස අවුරුදු 24 වෙනකම්   සම්පූර්ණයෙන් මොළය විනාශ වෙලා සිතීමේ
 ශක්තිය යාන්ත්‍රණය විනාශ වෙලා"

මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වන මනෝ වෛද්‍ය විශේෂඥ නයනානන්ද කුමාරනායක මහතා.

"එක දරුවෙක් එක්ක ගෙන එනවා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක.ඒ දරුවා පාසල් යන්න බෑ කියලා ගෙදර නවතිනවා.මේ සාමාන්‍ය පෙළ කරන දරුවෙක්.හොයාගෙන ගියාම මේ දරුවගේ පන්තියේ විශාල සංඛ්‍යාවක් ගංජා බොනවා.මේ දරුවට බලපෑමක් ඇති කරලා තියෙනවා ඔයත් මේවා බොන්න ඕනේ කියලා.බිව්වේ නැත්තම් උඹට ගහනවා කියලා නැත්තම් උඹ කොන් කරනවා කියලා.මේ භීතිය නිතිය නිසා ඔහු ගෙදර නතර වෙනවා.ඔබ හිතන්න පාසල් ගොඩනැඟිල්ලට පුටු දීලා ගුරුවරු වැඩි කරලා වැඩක් නැහැ.මෙතන තියන ප්‍රවණතාවය ඉතාමත්ම දරුණුයි.මෙතන තියෙනවා එක්තරා විදියක පිරිහීමක්."

No comments