Breaking News

19 හැවිරිදි සිසුවාගේ ගඩොල් පහරින් 14 හැවිරිදි පාසල් සිසුවා මරුට


ගඩොල් කැටයකින් හිසට කළ පහරදීමකින් කටාන ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.
කටාන නැගෙනහිර කළුවාවිබ්බුව ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවෙක්.
ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරු මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ඔහු මිය ගොස් සිටි බව Reporter වාර්තාකරු පැවසුවා.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකාර සිසුවා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

No comments