හැරී කුමරු - නිළි මේගන් මැයි 19 විවාහ දිවියට | Reporter හැරී කුමරු - නිළි මේගන් මැයි 19 විවාහ දිවියට - Reporter

Hot News

හැරී කුමරු - නිළි මේගන් මැයි 19 විවාහ දිවියට

චාල්ස් - ඩයනා යුවළගේ දෙටු පුත් හැරී කුමරු ඇමරිකානු සිනමා නිළි මේගන් මාකල් සමඟ ලබන වසරේ මැයි 19 වන දා විවාහ දිවියට එළඹෙන බව කෙන්සිංටන් මාළිගය ඊයේ නිවේදනය කළා.

රාජකීය මංගල්‍යයේ දේව මෙහෙය වින්ඩ්සර් මැදුර ආසන්නයේ පිහිටි ශාන්ත ජෝර්ජ් චැපල් දේවස්ථානයේදී පැවැත්වෙනු ඇති.

ඔවුන් විවාහ දිවියට පිවිසෙන්නේ සෙනසුරාදා දිනයක වන අතර එය රාජකීය සම්ප්‍රදාය ඉක්මවා යාමක් ලෙසයි සැලකෙන්නේ.රාජකීයන්ගේ මංගල්‍යයන් සාමාන්‍යයෙන් සතියේ දින පැවැත්වීම ඊට හේතුවයි.

මංගල්‍යය පැවැත්වෙන දිනය බ්‍රිතාන්‍යය පාපන්දු සම්මේලන අවසන් මහා තරඟය පැවැත්වෙන දිනය වීම ද තවත් විශේෂත්වයක්.

එහි සභාපතිවරයා ලෙස විලියම් කුමරු අවසන් තරඟයට සහභාගි විය යුතුයි. එමෙන්ම විලියම් - කේට් යුවළට තුන් වන දරුවා අපේක්ෂා කරන කාලයෙන් මසක් ඇතුළතයි හැරී කුමරුන්ගේ විවාහය සිදුවන්නේ.

මේගන් මාකල්, හැරී කුමරුන් සමඟ විවාහ වීමට පෙර එංගලන්ත සභාවේ භෞතීස්ම කිරීමට ද නියමිතයි.

No comments