නත්තල් සාදය මරණ 2න් කෙළවරයි | Reporter නත්තල් සාදය මරණ 2න් කෙළවරයි - Reporter

Breaking News

නත්තල් සාදය මරණ 2න් කෙළවරයි



මුලතිව් - කල්ලියාඩු ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු 24 දා සවස දියේ ගිළීමෙන් මරණයට පත්ව තිබේ.

තරුණයින් හත් දෙනෙකු නත්තල වෙනුවෙන් සාදයක් පවත්වා අනතුරුව අසල වූ කොණ්ඩයාඩු වැවේ මෙම තරුණයින් හත් දෙනා දිය නාමින් සිටියදී මඩේ එරුණු තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

සෙසු තරුණයින් පස් දෙනා දියේ ගිලුණු තරුණයින් දෙදෙනා මුලතිව් රෝහල වෙත රැගෙන විත් ඇතත් ඔවුන් ඒ වනවිට මියගොස් ඇත.

මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා දිය නාමින් සිටි සෙසු තරුණයින් පස් දෙනා අත් අඩංගුවට ගෙන කට උත්තර ලබාගෙන ඇති බව සඳහන්ය.

.

No comments