Breaking News

ජනතා විමුක්ති පෙරමුණේ 31ක් ජනාධිපති සහයට පැමිණේ



ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයන් 31 දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට පැමිණ තිබේ.

එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු, පළාත් සභා මන්ත්‍රීවරුන් 7 දෙනෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙලෙස ජනාධිපතිවරයාට සහය දැක්වූ පිරිස අතරට ඇතුළත් බව සඳහන් වේ.

ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් 18 දෙනෙකු ද ජනාධිපතිවරයට සිය සහය පළ කර තිබේ.

අදාළ පිරිස අතරින් බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාජිකත්වය ද පිරිනැමුණු බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

01. දිමුතු අබේකෝන්
02. ආර්.පී.ඒ රණවීර
03. එස්. කේ සුබසිංහ
04. අංජාන් උම්මා
05. එරාජ් ක්‍රිශාන්ත ද අල්විස්
06. සමන් පුෂ්පකුමාර
07. අනුර දිසානායක
08. එච්.එම්.කේ හේරත්
09. එම්. ජයරත්න
10. අරුණ දිසානායක
11. පී.භුමිනාදන්
12. ඉන්දික සෙනරත් කුමාර
13. සේනක රණසිංහ
14. ධම්මික වංශතිලක
15. කිත්සිරි විජේසිංහ
16. එම්.ඒ ගුණතිලක
17. එච්.එම්.පී.එම් කරුණාරත්න
18. අනුර බණ්ඩාර හදගම
19. හේමන්ත ජයරත්න
20. අනුර ගෝනාවල
21. ප්‍රසන්න සුජීව මෙන්ඩිස්
22. යූ.එල්. මුජිබර් රහුමාන්
23. ඩබ්.පී.කේ ධම්මික ලියනගේ
24. ඩබ්.එම්.ඒ ප්‍රියන්ත විජේසිංහ
25. ආර්.ඩබ්. බන්දුල
26. ආර්.බී. ඩබ්.වයි වන්නිනායක
27. ආර්.ඒ විජේසේකර
28. ඩබ්.ප්‍රියන්ත ගුණසිරි
29. ලයනල් ප්‍රනාන්දු
30. ඒ.එම් අබේකෝන්
31. ඩබ්.ඒ අර්ජුන කැලූම් ඒකනායක

No comments