Breaking News

ඇන්ජලීනා ජොලීවගේ වෙන්න හිතාගෙන ප්ලාස්ටික් සැත්කම් 50ක් සිදුකල යුවතිය ඇවිදින මළමිනියක් වෙයි..! කාන්තාවන්ට පාඩමක් කියාදෙමින් ඉරාන කෙල්ලට අත්වූ අවාසනාවන්ත ඉරණම(PHOTOS)



ලෝකය වටේම ඉන්න කාන්තාවන්ට තියෙන ආසාවක් තමයි තමන්ගේ උපන් පෙනුමට වඩා ලස්සනට ඇගපත මූණ හදාගන්න එක. ඒක  ලංකාවේ ඈත පිටිසර ගමක ඉන්න සිරියාවතී නැන්දගෙ ඉදලා හොලිවුඩයේ බොලිවුඩයේ ඉන්න සුපිරි නිළියක් දක්වාම පොදු සත්‍යයක්. ඒ වෙනුවෙන් කාන්තාවන් පිරිමින්ට හිතාගන්න බැරි දේවල් කරන්න පෙලඹෙනවා. 

අපි දන්න කියන ගෑනු අය උනත් රුපියල් දහස් ගණනින් වියදම් කරලා මූණේ ගාන මේකප් තලි කොච්චරක්ද කියලා ඔබ දන්නවා ඇතිනේ?


ඇන්ජලීනා ජොලී හොලිවුඩයේ ඉතා ජනප්‍රිය තරුවක්. ඇය ඉතා සුරූපී මුහුනකට හිමිකම් කියනවා. 

ඉරානයේ ජීවත් වන නමැති 22 හැවරදි තරුණ යුවතියට අවශ්‍ය වුණා ඇන්ජලීනා ජොලී වගේ මුහුණ හැඩ කරගන්න.

ඇය ඒ වෙනුවෙන් ලක්ෂ ගාණක් වියදම් කරලා ප්ලාස්ටික් සැත්කම් පනහක් පමණ කරාය කියලා තමයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කලේ.

ඒත් ඇයට අවසානයේ අත්වූ ඉරණම ඉතාම ඛේදජනකයි.

ඇය දැන් ඇවිදින මළ මිනියක් වගේ. 

ඇය කරපු ප්ලාස්ටික් සැත්කම් වැරදිලා ඇයගේ මුහුණ විරූපී වෙලා කියලා තමයි වාර්තා වී තියෙන්නේ. 

හොදින් බලන්න ඇගේ මුහුණ දිහා. 

ලංකාවෙත් පහුගියකාලේ රූපලාවන්‍යාගාරවලට ගිය කාන්තාවන් බොහෝ දෙනෙක්ට අකාලයේ මියයන්න සිද්ධ වුණා වැරදි ආලේපණ සහ සැත්කම් නිසා.

ඒ නිසා කාන්තාවන් ලස්සන වෙන්න කරන දේවල් ඉතා ප්‍රවේශමෙන් සහ කල්පනාකාරීව කරනවනම් ජීවිතේට අනතුරක් නොවී, විරූපී නොවී ඉන්න පුලුවන් වේවී. 








No comments