Breaking News

පාසල් නොයන පුතු යහමගට ගැනීමට බොරුවට ගිනි තියා ගන්න හදපු අම්මා මිය යයි..!


පාසල් යාමට මැලි 15 හැවිරිදි තම එකම පුතා යහමගට ගැනීමට, ඔහු ඉදිරියේ සිය දිවි නසා ගන්නා ලෙස පෙන්වීමට උත්සාහ කළ මවක්, ගිනි තබාගෙන මියයැමේ ශෝකජනක පුවතක්‌ වාර්තා වෙනවා.
ඒ බිංගිරිය පනාවැව ප්‍රදේශයෙන් .
මෙලෙස මිය ගිය ගිය 58 හැවිරිදි එක් දරු මව, මින් පෙර තෙවතාවක්ම සිය පුතු ඉදිරියේ සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙන බවත් සදහන්.
 
පසුගිය දින සිය පුතු පාසල් යාම ප්‍රතික්ෂේප කළ අවස්තාවේ ඔහු බිය වැද්දීම සදහා ඔහු ඉදිරිපිටම භූමිතෙල් හලා, ගිනි තබාගෙන තිබෙන බව වාර්තා වෙනවා.
සිදුවීම පිළිබදව මිය ගිය මවගේ සැමියා අදහස් දක්වා සිටියේ මෙලෙසයි
“මියගොස්‌ ඇත්තේ මගේ බිරිඳයි. අපට එක පුතෙක්‌ සිටින අතර කුඩා කළ සිටම ඔහු පාසල් යැමට මැලිකමක්‌ දක්‌වනවා. දඩබ්බරයි, මේ නිසා නිතර අම්මයි, පුතයි අතර ගැටුම් ඇතිවෙනවා. මේ පිළිබඳව පුතාව පොලිසියටත් ගෙනගොස්‌ අවවාද කර තියෙනවා. නමුත් පුතා හැදුනෙ නෑ.
මේ නිසාම විවිධ අවස්‌ථාවල පුතාට පේන්න බිරිඳ දිවි නසා ගැනීමට 3 වරක්‌ම උත්සාහ කර තිබුණා. එක්‌ වතාවක්‌ නිදිපෙති බිව්වා, වස හලා ගත්තා, මීට පෙර වතාවක්‌ ගිනි තබා ගන්න උත්සාහ කළා. මේ කිසිවකින් පුතා හැදුනෙ නෑ.
මම පාසලක මුර වැඩක්‌ කරනවා. සිද්ධිය වූ දින උදේ 5.45 ට පමණ මා සේවය නිමකර ගෙදර ආවා. එවිට බිරිඳ ගෙදර තිබූ මුදල් වගයක්‌ නැතිවී ඇතැයි කෑගසමින් හිටියා. මම මුදල් ගත්තද ඇසුවාම මම නෑ කිව්වා. පුතාගෙනුත් ඇහුවා, ඔහුත් ගත්තෙ නෑ කීවා.
එහෙම නම් මම පොලිසි යනවා කියල බිරිඳ කියද්දී එහෙම නම් මම පාසල් යන්නෙත් නෑ කියලා පුතා ඇඳුම් ගැලෙව්වා. බිරිඳ ඔහු ළඟට ගොස්‌ වැඳල කිව්වා පාසල් යන්න කියලා. ඔහු යාළුවෙක්‌ බලන්නම් කියල ගෙදරින් එළියට බැස්‌සා.
උඹට සේරමට වඩා ලොකු යාළුවෝ තමයි කියල බිරිඳ කුස්‌සිය දෙසට ගොස්‌ එහි තිබූ ලීටර් දෙකක්‌ පමණ වූ භූමිතෙල් කෑන් එක අරගෙන ඔළුවෙ හලාගෙන ගිනි තියා ගත්තා. මා කෑ ගසමින් ගොස්‌ ගින්න නිවන්න උත්සාහ කළා. එවිට පුතත් දුවගෙන ඇවිත් ගින්න නිවා දමා බිරිඳව බිංගිරිය රෝහලට ගෙන ගියා.
ගෙන යන අතර බිරිඳ ඇහුවා මගෙ මූණ ගොඩක්‌ පිච්චිලද කියලා. මම කිව්වා ඇයි මේ වගේ දෙයක්‌ කරගත්තෙ කියලා. පුතා බය කරන්නයි එහෙම කළේ කියලා ඇය කිව්වා. බිරිඳ බිංගිරිය රෝහලෙන් හලාවත රෝහලට යෑවූ අතර පසුදින ඇය මියගියා”
මෙලෙස අවසානවාන්ත ලෙස මියගොස් තිබෙන්නේ බිංගිරිය පනාවැව ප්‍රදේශයේ පදිංචි කාංචන මාලාගේ කමලාවතී නමැති එක්දරු මවකි.

No comments