Breaking News

ගෝඨාභයට අද ලැබුණු තීරණය මෙන්න..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය යළි ජනවාරි 25 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(15) අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබා දී තිබේ.

මෙහිදී නීතිපතිවරයා එම අතුරු තහනම දීර්ඝ නොකරන ලෙස ඉල්ලා සිටි අත‍ර එය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම ජනවාරි 25 දක්වා දීර්ඝ කළහ.

ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් කෝටි 3 ක මුදලක් අවභාවිත කළ බවට පොදු දේපළ පනත යටතේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පරික්ෂණ සිදු කරන අතර එම පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට හා පොලිස්පතිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගිය 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේය.

එය ඊට පසුදින සලකා බැලූණු අතර ඒ අනුව අද දක්වා බලපැවැත්වෙන පරිදි පොදු දේපළ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්න ලදී.


No comments