Breaking News

පොදුජන පෙරමුණ ඒකාබද්ධ පොදුජන පෙරමුණ වෙයි..! පක්ෂ විස්සක් සමඟ මහින්ද බදුල්ලෙන් සටනට...!


ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා "ඒකාබද්ධ පොදුජන පෙරමුණ" නමින් "මල් පොහොට්ටුව" ලාංඡනය යටතේ තරග කිරීමට තීරණය කර තිබෙන අතර, දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් ඊට සහය පළකර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක් පැවැසීය.
උතුර, නැඟෙනහිර පළාත් ඇතුළු රටපුරා "ඒකාබද්ධ පොදුජන පෙරමුණ" තරග කරන බවත් මේ පෙරමුණට එක්ව සිටි දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ මේ වන විට ගිවිසුම් අස්සන් කර තිබෙන බවත් එම නියෝජිතයා පැවැසීය.
මංගල රැලිය - 04දා බදුල්ලේ දී :
"ඒකාබද්ධ පොදුජන පෙරමුණ" පිහිටුවා ගැනීමෙන් අනතුරුව එහි මංගල ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (04දා) සවස 2ට බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පවත්වන බවත් ඒ සඳහා ඒකාබද්ධ පොදුජන පෙරමුණට එක්වී සිටින සියලු දේශපාලන පක්ෂවල නායකයන් සහභාගි වන බවත් එම නියෝජිතයා පෙන්වා දෙයි.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම ඒකාබද්ධ පොදුජන පෙරමුණට මේ වන විටත් සහාය පළකර තිබෙන බවත් ඉදිරියේදී ඔවුන්ද එම පෙරමුණට එක්වන බවත් ඒකාබද්ධ විපක්ෂයේ එම ජේ‍යෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේය

No comments