Breaking News

උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලය වසා දමයි


රජරට විශ්ව විද්‍යාලය තුල උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ හේතුවෙන් මිහින්තලය පරිශ්‍රයේ පිහිටා ඇති පිඨ 4ක් අද වසා දමන ලදී. 26 වන දින නැවත ආරම්භ කරන බව උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.

නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද පස්වරු 4ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු අතර යළි 26 වන දින පස්වරු 4.00ට පෙර නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බවයි විශ්ව විද්‍යාල පාළනාධිකාරිය පැවසුවේ.
සමාජ විද්‍යා පීඨයේ අවසන් නොවූ විභාග නැවත දෙසැම්බර් 27 වන දින සිට කාලසටහනේ අනුපිළිවෙලට පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

No comments