Breaking News

හෙට විදුලි සේවකයින් අඛන්ඩ වර්ජනයකට සූදානම්


ප්‍රසාද දීමනා කප්පාදුවට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් අඛන්ඩව නව වන දිනටත් මේ වන විට උපවාසයේ නිරත වනවා.
ප්‍රසාද දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේ ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් දියත් කිරීමට ලංකා විදුලි සේවක සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා සිටියේ මෙම උද්ඝෝෂණය සඳහා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් විදුලි සේවකයින් කොළඹට කැඳවන බවයි.
ඒ අනුව, හෙට දිනයේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන දිනය ප්‍රකාශයට පත් කරන බව ද රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළා.
.

No comments