Breaking News

මිතුරන්ට වඩා වැඩි ප‍්‍රතිඵලයක් නොමැතිකම නිසා සිසුවෙකු වස බොයි



අපොස උසස් පෙළ විභාගයෙන් තමන් බලාපොරොත්තු වූ අන්දමේ ප‍්‍රතිඵල නොලැබීම නිසා සිත් තැවුලට පත් යාපනයේ වඩමරච්චි ප‍්‍රදේශයේ සිසුවෙකු වස පානය කිරීම නිසා යාපනයේ මන්තිහෙයි රෝහලට ඇතුළත් කොට තිබේ.

ඊයේ(28) සවස මෙය සිදුව ඇති අතර එම සිසුවා වාණිජ අංශයෙන් විභාගයට පෙනී සිටි ශිෂ්‍යයෙකි.

ඔහුගේ මිතුරන්ට වඩා වැඩි ප‍්‍රතිඵලයක් නොමැතිකම නිසා ඔහු ඉතා කණගාටුවෙන් සිටි බවත් සවස් කාලයේදී ඔහුගේ කාමරයෙන් කෙදිරිලි හඩක් ඇසී බලන විට ඔහු ඇද මත වමනය කරමින් සිටි නිසා ඔහුව රෝහල් ගත කල බව සිසුවාගේ පියා පොලීසියට පවසා ඇත.

ඔහු පානය කොට ඇති වස වර්ගය එතරම් ප‍්‍රබල වර්ගයේ වස වර්ගයක් නොවීම නිසා ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට හැකිවෙතැයි වෛද්‍යවරු ප‍්‍රකාශ කොට ඇත.

වඩමරච්චි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වයි.

No comments