පොහොට්ටුවේ පිරිසක් ජනපති සහයට | Reporter පොහොට්ටුවේ පිරිසක් ජනපති සහයට - Reporter

Hot News

පොහොට්ටුවේ පිරිසක් ජනපති සහයට


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ආරියදාස වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කර තිබෙනවා.

අද පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මෙම පිරිස  කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිළීවෙලට සහය පළ කරන බවයි.

මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප්‍රාදේශීය සභාවට තරග කිරීමට නියමිතව සිටී අපේක්ෂක සුමිත් රාමනායක සහ වීරකැටිය, කටුවන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල ආධාරකරුවන් පිරිසක් එලෙස එක්වූ බවයි වාර්තා වුණේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සුගත් මතුගමගේ මහතා ද අද ජනාධිපතිවරයාට සහය පළ කිරීමට එක්වුණා.

No comments