Breaking News

ආර්ථික සමෘද්ධිය ඇති කරන්න ශක්තිමත් සහයෝගීතා වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි


කලාපයේ දිළිඳුකම පිටුදකිමින් ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සඳහා ශක්තිමත් සහයෝගීතා වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සමස්ත මානව සමාජයේ දිළිඳුබව පිටුදැකීම සඳහා සියලු පාර්ශවවල කැපවීම අවධාරණය කළ ජනාධිපතිවරයා ලොව කිසිවෙකු කුසගින්නේ නොතැබීමට ලෝක බලවතුන් ක්‍රියා කළ යුතු බවද සඳහන් කළේය.

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසිවාරයේ අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස පල කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙරට දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළ මෙම වසරේදී ක්‍රියාවට නැංවූ බවයි.

ඒ හා සමගාමීව 2018 වසර ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙසද නම් කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

No comments