Breaking News

හමුදාවේන් පැනගිය අය සොයන්න ආපු අය ගෙදර සිටි තරුණියන් දෙදෙනා දුෂණය කරයි


යුධ හමුදාවෙන් පැනගිය අය ඇද්දැයි සෙවීමට පැමිණි බව පවසා නිවසකට ඇතුල්වූ පුද්ගලයන් දෙදෙනෙක් පිහියක් පෙන්වා බියගන්වා එම නිවෙස් සිටි තරුණියන් දෙදෙනා දූෂණය කර ඔවුන් පැළද සිටි රුපියල් එක්ලක්ෂ පනස්නම දහසක් වටිනා ස්වර්ණාභරණ පැහැරගෙන පළාගොස් ඇතැයි කියන සිද්ධියක් වාර්තා වී තිබෙනවා. මහියංගනය මාපාකඩ වැව, මැදයාය ප්‍රදේශයේ නිවැසියන් මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.
ඊයේ ( 25) සවස 5.15 ට පමණ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් යුධ හමුදාවෙන් පැනගිය අයෙක් මෙම නිවසේ ඇති බවට තොරතුරු ලැබි ඇතැයි පවසා නිවස පරික්ෂාකර ආපසු පිටව ගොස් ඇති බවත් යළි විනාඩි 5 කට පමණ පසු පැමිණ පිහියක් පෙන්වා බිය ගන්වා එම තරුණියන් දෙදෙනා වෙන් වෙන් වශයෙක් කාමරයකට ගෙන ගොස් දුෂණය කර රන්අභරණ කොල්ලකා පලාගොස් තිබෙනවා.
තරුණියන් දෙදෙනා අසල්වැසි නිවෙන්වල ජීවත්වන ඥාතීන් බවද අනාවරණය වී තිබෙනවා. ඔවුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණ සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. බදුල්ල පොලිස් අධිකාරී ධම්මික වීරසේකර සහ සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ ගේ උපදෙස් මත මහියංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී. ජී.කේ. විජේසේකර ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

No comments