Breaking News

ශ්‍රී ලංකා ජනපති හා මලයාසියානු අගමැති අද හමුවෙයි



මලයාසියානු අග්‍රාමාත්‍ය නජිබ් බින් ටුන් අබ්දුල් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශවික  සාකච්ඡා අද පැවැත්වේ.

තෙදින නිළ සංචාරයක් සදහා මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ඊයේ උදෑසන දිවයිනට පැමිණියා.

දෙරටේ රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් සපිරිම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර ද සාකච්ඡා පැවැත්විමට නියමිතය.

මේ සංචාරය අතරතුර විද්‍යා හා තාක්ෂණ, ජෛව ආර්ථික සංවර්ධන සහයෝගිතාව සහ රාජ්‍යතාන්ත්‍රික නිළධාරින් පුහුණු කිරිමට අදාල ද්විපාර්ශ්වික ගිවිසුම් තුනකට අත්සන් තැබීමට නියමිතය.

No comments