මිස්ටර් බීන් තුන්වැනි වතාවටත් පිය පදවිය ලබන්නට සූදානමක් | Reporter මිස්ටර් බීන් තුන්වැනි වතාවටත් පිය පදවිය ලබන්නට සූදානමක් - Reporter

Breaking News

මිස්ටර් බීන් තුන්වැනි වතාවටත් පිය පදවිය ලබන්නට සූදානමක්



මිස්ටර් බීන් නම ඇසූ සැනින් අප කාගේත් මතකය අවධි කරන්නේ විකට චරිතයක්. මිස්ටර් බීන් තුන්වැනි වතාවටත් පිය පදවිය ලබන්න සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ ආරංචිය විවිධ අන්තර්ජාල පුවත් ඔස්සේ හුවමාරු වීමේදී බොහෝදෙනා සිතා ඇත්තේ මෙය මිස්ටර් බීන්ගේ චරිත නිරූපණයක් බවයි.
නමුත් මිස්ටර් බීන්ගේ චරිතයට පණ දෙන රෝවන් ඇටිකින්සන්ගේ දෙවැනි බිරිය මෙලෙස මවක් වීමට යන පුවත නම් ඇත්තක් බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. මේ වන විට රෝවන් ඇටිකින්සන්ගේ වයස අවුරුදු 62ක් වනවා.
රෝවන් මීට පෙර විවාහ කරගෙන සිටියේ සුනේත්‍රා ශාස්ත්‍රි වන අතර, ඇය BBC රූපවාහිනියේ වේෂ නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ තැනැත්තියක්. රෝවන් සහ සුනේත්‍රාගේ විවාහ දිවියට වසර 25ක් පිරෙන 2103 වසරේදීයි මොවුන් දෙදෙනා දික්කසාද වී ඇත්තේ.
එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනකු සිටින අතර එහි වැඩිමලා (බෙන) ගේ වයස අවුරුදු 25 ක් වන අතර, දියණිය (ලිලී) ගේ වයස අවුරුදු 21කි.
තම පියා නැවත වතාවක් පියකු වන්නට යන බව දැනගත් වහාම ලිලී තම වාසගම වෙනස් කරගත් බවද සඳහන්. එහිදී ඇය ඇටිකින්සන් වෙනුවට ශාස්ත්‍රී ලෙස තම මවගේ වාසගම යොදාගෙන තිබෙනවා.
රෝවන් ඇටිකින්සන් දැන් විවාහ වී සිටින්නේ ලුවිස් ෆෝර්ඩ් සමග වන අතර ඇය චැනල්4 රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.

No comments