Breaking News

සා.පෙළ හොරට ලියූ අයෙක් අවසාන මොහොතේ මාට්ටු වේ


වෙනත් සිසුවෙකු වෙනුවෙන් පෙනී සිටිමින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි තවත් සැකකරුවෙකු පිළියන්දල පාසලකින් අත්අඩංගුවට ගෙන තිබේ.

නියම අපේක්ෂකයාගේ ජාතික හැඳුණුම්පතේ ඡායාරූපය ඇති ස්ථානයේ අදාළ සැකකරුගේ ඡායාරූපය අලවා එය ලැමිනේට් කිරීමෙන් අනතුරුව විභාගය සඳහා ජාතික හැඳුණුම්පත ඉදිරිපත් කර ඇත.

විභාග අපේකෂකයාගේ මිතුරෙකු මෙලෙස ව්‍යාජ ලෙස විභාගය සඳහා ඉදිරිපත්ව තිබේ.

අද දින පැවති භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට වාඩි වීමේ දී අදාළ සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර මීට පෙර පැවති ප්‍රශ්න පත්‍ර 9 න් නාට්‍ය හා රංග කලාව ප්‍රශ්න පත්‍රය හැරුණු විට අනෙකුත් සියලූම විෂයන් සඳහා අදාළ සැකකරු මෙම හැඳුණුම්පත මඟින් ඉදිරිපත් වී ඇත.

විභාග නිලධාරීන් විසින් සැකකරු පිළියන්ද පොලීසියට බාර දී තිබේ. පිළියන්දල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments