Breaking News

ශ්‍රී ලංකාව පළමු ස්ථානයෙන් තුන්වන තැනට..

Google ඔස්සේ Sex වචනය භාවිත කළ රටවල් අතර අංක එක හිමිකරගෙන සිටි ශ්‍රී ලංකාව 2017 වසරේ නවතම වාර්තාවලට අනුව එහි තුන්වන ස්ථානයට පත්ව තිබේ.

විශේෂත්වය වන්නේ පසුගිය වසර කිහිපය පුරාම ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් පිට පිට වසර කිහිපයක් පළමු ස්ථානය දිනා ගෙන සිටි ශ්‍රී ලංකාව මෙවර තෙවන ස්ථානයට පැමිණිමයි.

Google Trends දර්ශකයට අනුව sex යන වචනය සෙවිමේ පළමු ස්ථානය බංගලාදේශය ලබා සිටින අතර දෙවන ස්ථානය ඉතියෝපියාව සහ තෙවන ස්ථානය ශ්‍රී ලංකාව ලබාගෙන සිටියි. නේපාලය සහ අසල්වැසි ඉන්දියාව හතර සහ පහ යන ස්ථාන දිනාගෙන සිටියි.

පසුගිය වසරේදී බස්නාහිර පළාත හා හෝමාගම අංක එකේ ස්ථානයේ පසුවූ අතර එය මෙවර දැක්වෙන්නේ 05 වන ස්ථානය වේ.

No comments