පොහොට්ටුවේ වේදිකාවට නැග්ගොත් පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමට නියමිත ඊළඟ අයවලුන් මෙන්න..! | Reporter පොහොට්ටුවේ වේදිකාවට නැග්ගොත් පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමට නියමිත ඊළඟ අයවලුන් මෙන්න..! - Reporter

Hot News

පොහොට්ටුවේ වේදිකාවට නැග්ගොත් පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමට නියමිත ඊළඟ අයවලුන් මෙන්න..!

මේ දිනවල දැඩි උණුසුම්කාරි තත්වයක් පවතින්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැනයි.
එහිදී වඩාත් ඉස්මතු වී තිබෙන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ වැද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් දිව්රුම් දී ඇති දැනට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන් ක්‍රියා කරන මන්ත්‍රීවරුන් ජීඑල් පීරිස් මහතා සභාපතීත්වය දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ වේදීකාවට ගොඩ වූවොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාට සහ සන්ධානයේ මහලේකම්වරයාට බලය පවතිනවා.. 
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය දරමින් වෙනත් පක්ෂයක මැතිවරන කටයුතු වලට දායක වීම මැතිවරණ නීතිය යටතේ උල්ලංඝනය වන අතර, ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව කඩ කිරීම නිසා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමටඉඩ ප්‍රස්ථාව තිබෙනව.
මේ අතර ඒ අනුව එසේ මන්ත්‍රීධර අහෝසි කිරීමෙන් පසුව ලයිස්තුවේ මීළඟට පත්වීමට සිටින අය පිළිබඳවද තොරතුරු සොයාබලන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබේ.
ඉදිරියේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ වේදීකාවට ගොඩවී එම පක්ෂයේ මැතිවරණ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වය ලබාදෙනු ලබන මන්ත්‍රීන් ඉවත් කලහොත් ඊළඟට දිව්රුම් දීමට නියමිත එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිළිබඳ විස්තරය පහතින්,
කොළඹ දිස්ත්‍රික්කය  – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
ධනසිරි අමරතුංග, ජගත් කුමාර, කාන්ති කොඩිකාර, මහේශ් අල්මේදා, ජනක වලිවත්ත, ප්‍රසන්න සෝලංගරච්චි, චන්දන කත්‍රිආරච්චි
ගම්පහ දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
කෝකිලා ගුණවර්ධන, උපුල් රාජපක්ෂ, ගුණසිරි ජයනාත්, රුවන් රණතුංග, ෆිලික්ස් පෙරේරා, පන්ඩු බණ්ඩාරනායක, සරත් කුමාර,
තිලක් වරාගොඩ
කලුතර දිස්ත්‍රික්කය –  පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
ලලිත් එල්ලාවල, තිලකසිරි පෙරේරා, නිමල් චන්ද්‍රරත්න, සුදත් සංජිව, තුසිත කුලරත්න
මහනුවර දිස්ත්‍රික්කය  – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
එරික් වීරවර්ධන, ඒ ජී සිරිසේන, නිමල් ප්‍රේමවංශ, අනුශා ජිනනි, ලාල් සිරිසේන, හසිත චතුරංග
මාතලේ දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
නන්දිමිත්‍ර ඒකනායක,අසිත ඉදුනිල්, අනුරුද්ධ මොහාන්, මොහොමඩ් නව්ජි
නුවර එළිය දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
සිවරාජා අනුශ. නිමල් පියතිස්ස, එන් බී දිසානායක, කුමාර දසනායක,අශෝක සේපාල, ගමරාලලගේ රණසිංහ
ගාල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
බද්දේගම සමිත හිමි, ගුණරත්න වීරකෝන්, අරුන ප්‍රදීප්, මෙත්සිරි ඩ සිල්වා.
මාතර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
මනෝජ් ප්‍රසන්ග, දර්මවිජය විජේසේකර, හේමචන්ඩ්‍ර හේමාල්, නන්දන සොසින්ඩ්‍ර, සුනෙත් නිලන්ග
හම්බන්තොට දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
අජිත් රාජපක්ශ, හර්ශ උදය, එරාජ් ප්‍රනාන්දු,හේමසිරි නිශ්ශන්ක
දිගාමඬුල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
සරත් ප්‍රියනන්ද, ඉන්දික නලින්, අතාවුල්ලා,ඉශාක් මන්සූර්
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
විජයසේක ජයන්ත, කපිල නුවන්,නලින් තුශාර
කුරුණෑගල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත්, නිමල් සෙනරත්, සුජානි මහේශිකා, අසන්ක නවරත්න
පුත්තලම දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
නියෝමාල් පෙරෙරා, ජගත් ප්‍රියන්කර්, දයාස්‍රිත තිසේරා, විකටර් පෙරේරා
අනුරාධපුර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
වීරසේන ගමගේ, බන්ඩාර් ඒකනායක, ඩුමිදු දයාසේන.හේරත් බන්ඩා
පොලොන්නරුව දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
කින්ග්ස් නෙල්සන් , චන්ඩ්‍රසිරි සූරිය ආරච්චි, ජයසින්ඝ බන්ඩාර
බදුල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
ලක්ශ්මන් පින්තු, රෝහන කුමාර, මද්දුම බන්ඩාර, උදිත් ලොකුබන්ඩාර
මොණරාගල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
සම්පත් ජයසූරිය, සරත් චන්ඩ්‍රසිරි, සුමතිපාල, ඩුමිදු රන්දුනු
රත්නපුර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
වරුන ප්‍රියන්ත, රොහාන් කොඩිතුවක්කු, සමී රොහාන්, සුමිත් කන්කානම්
කෑගල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
රජික පියන්ගනී, යටන්වල පද්මසිරි, ලලිත් දිසානායක, අනුරුද්ද පොල්ගම්ප

No comments