Breaking News

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් - ශ්‍රී ලංකාවට බලපායිද?

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන අතර ඊයේ රාත්‍රියේ සිදු වූ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ච්ටර් මාපකාංක 6.5ක ප්‍රබලත්වයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

කෙසේවෙතත් ඉන්දුනීසියානු කාලගුණ අංශ දක්වා තිබුණේ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ච්ටර් මාපකාංක 6.9ක් ලෙස සටහන්ව තිබු බවයි.

භූ කම්පනය ජකර්තා අගනුවර සිට කිලෝ මීටර් 300ක් පමණ දුරින් වු නගර කිහිපයකට ද බලපා ඇති බව සඳහන්.නිවාස හා ගොඩනැගිලි කඩා වැටී ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබෙනවා.

භූ කම්පනය සමඟ ජාවා දුපතේ වෙරළ ආසන්න ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති අතර පසුව එය ඉවත් කර ගැනුණා. පැසිපික් ගිනි වළල්ල ලෙස හඳුන්වන භූ කම්පන අවදානම් කලාපයේ පිහිටි ඉන්දුනීසියාවේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් සිදුවනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 07 වන දා සුමාත්‍රාවේ අචේ ප්‍රදේශයේ සිදු වු භූ කම්පනයකින් ද පුද්ගලයන් සියයකට අධික පිරිසක් මිය ගියා. 2004 වසරේ දී ශ්‍රී ලංකාවට ද බලපෑ සුනාමි ව්‍යසනයට හේතුවුයේ ද ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රීතව සිදු වු රික්ච්ටර් මාපකාංක 9.1ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක්.


No comments