Breaking News

එලඹෙන ජනවාරි සිට පොලිතීන් හිඟයක්


එලඹෙන ජනවාරි මස සිට ‍පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදන හිඟයක් නිර්මාණය වනු ඇති බව  සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් අනුර හේරත් මහතා පවසන්නේ පොලිතීන් නිෂ්පාදකයින් නව රෙගුලාසි වලට අනුව පොලිතීන් නිෂ්පාදන සිදුකිරීම සඳහා බියක් දක්වන බවයි.

පොලිතීන් නිෂ්පාදන සම්බන්ධයෙන් රජයේ දැනට පවතින ස්ථාවරයේ වෙනසක් සිදු නොවන්නේ නම් අනිසි බියකින් තොරව අදාළ පරිසර හිතකාමී නිෂ්පාදන සිදුකළ හැකි බව  අනුර හේරත් මහතා පෙන්වා දෙයි.

මේ අතර පොලිතීන් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සඳහා වූ බදු සහන හා යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය මුදලෙන් සියයට 50ක ප්‍රමාණයක් නිෂ්පාදකයින්ට ජනවාරි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

No comments