Breaking News

වෘතියවේදීන්ගේ ක්‍රිකට් තරඟාවලියේ ජය ඉංජිනේරුවන්ට

ශ්‍රී ලංකා වෘතීයවේදීන්ගේ ක්‍රිකට් සංගමය මගින් තුන්වන වරට පවත්වන ලද ටී 20  ක්‍රිකට් තරඟ මාලාව නොවැම්බර් මස 11,18,25 හා 26 යන දිනයන්හීදී කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැතුණු අතර එහිදී අවසන් තරඟයට සුදුසුකම් ලැබූ ශ්‍රීලංකා නීතීඥයින්ගේ ක්‍රිකට් කණ්ඩායම පරදා ඉතා තියුනු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ක්‍රිකට් කණ්ඩායමට හැකිවිය.
මෙම තරඟාවලිය සඳහා වෘතීයවේදීන්ගේ ක්‍රිකට් සංගමයේ සාමාජීකත්වය දරණ ශ්‍රීලංකා නීතීඥ ක්‍රිකට් කණ්ඩායම,ශ්‍රී ලංකා වෛදවරුන්ගේ ක්‍රිකට් කණ්ඩායක,ශ්‍රී ලංකා ගෘහ නිර්මාණකරුවන්ගේ ක්‍රිකට් කණ්ඩායම,ශ්‍රීලංකා ගුවන් නියමුවන්ගේ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ අතර තරගාවලියේ ජයග්‍රහණය ඉංජිනේරුවන්ටත් අනුශූරතාවය නීතීඥයන්ටත් තුන්වන ස්ථානය ගුවන් නියමුවන්ටත් හිමිවිය.
ජයග්‍රාහී ඉංජිනේරු කණ්ඩායම
භානුක සිල්වා(නායක)පසිදු පෙරේරා(උප නායක),ලලිත් රණවක,සංජීව පෙරේරා සිසිර දිසානායක,ජනක චමින්ද,රාමනාතන් ජීවගන්,සංජීව ගුණතිලක,අසංග චාමික,නුවන් විතානච්චි,අමිල ජයවර්ධන,රුමේශ් මදුසංක,රන්දික පෙරේරා,චමෝද් හෙට්ටිආරච්චි සනත් පෙරේරා,විමුක්ති ගුණතිලක.

No comments