Breaking News

කොළඹ මස් අලෙවිසැල්වලට ජාත්‍යන්තර ප්‍රමිතියක්


ඉදිරියේදී කොළඹ මහ නගර සීමාව තුළ පවතින මස් වෙළඳසැල් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සකස් කළ යුතු බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී විපුල ධර්මවර්ධන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත අයුරින් ජනතාවට ගව, එළු, ඌරු සහ කුකුළු මස් අලෙවි කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවයි.

ඇතැම් මස් අළෙවිසැල් කිසිදු ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන බවට පැමිණිලි ලැබී ඇති බව ද විපුල ධර්මවර්ධන මහතා ප්‍රකාශ කළා.

No comments