Breaking News

‘‘ලෝ පූජිත ගායක බොබ් මාර්ලි මැරුවේ මමයි..“ CIA හිටපු ප්‍රබලයෙක් හෙළිකළ කතාවේ පිටුපස සැඟවුණු කතාව


ලෝක පූජිත ජැමෙයිකා ගායක බොබ් මාර්ලි ඝාතනය කළේ සී.අයි.ඒ සංවිධානය බවට පසුගියදා රාවයක් පැතිර ගියා. 

ඇමරිකාවේ මේන් මර්සි රෝහලේ මරණාසන්නව සිටින 79 හැවිරිදි සී අයි ඒ නිලධාරියකු මේ බව හෙළි කර තිබුණා. 

 බිල් ඔක්‌ස්‌ලි නමැති මෙම සී අයි ඒ ඒජන්තවරයා පවසා තිබුණේ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ ඡායාරූප ශිල්පියකු ලෙස වෙස්‌ වලාගත් තමා බොබ් මාර්ලි සිටි නිවසට ගොස්‌ ඝාතනය සිදු කළ බවයි.

කෙසේ වෙතත් මෙම පුවත සම්පූර්ණ අසත්‍ය එකක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

එම පුවත පළ කළ මාධ්‍ය ආයතනයද වැරදි පුවත් පළ කරන කුප්‍රකට මාධ්‍ය ආයතනයක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මුළු ලෝකයේම ආදරයට පාත්‍ර වූ සුප්‍රකට ගායක බොබ් මාර්ලි 1981 මැයි 11 දා සිරුරේ ඇති වූ පිළිකා රෝගයකින් මියගියේ වයස අවුරුදු 36 දී.  

No comments