Breaking News

රටේ දූෂණයට විරුද්ධව Facebook Live ඔස්සේ දැවැන්ත විප්ලවයක් ..!

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය දෙසැම්බර් 9වනදාට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් අප රට තුළ දූෂණයට එරෙහි සියළුම පිරිස් එක්ව අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ විරෝධය පළ කිරීමේ සුවිශේෂී කර්තව්‍යයක් ශ්‍රී ලංකා ප්‍රථම වතාවට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. එහිදී සිදුවන්නේ දෙසැම්බර් 9වනදාට ෆේස්බුක් ඔස්සේ සජීවීව (Facebook Live) ලංකාව පුරා සිටින දූෂණයට විරෝධී පිරිස් එක්ව හඬ නැගීමයි. මේ සඳහා අප රටේ ප්‍රසිද්ධ චරිත රැසක් මෙන්ම අන්තර්ජාලය ඔස්සේ එදිනෙදා කටයුතු කරන බොහෝ පිරිසක් එක්වීමට නියමිතයි. මහ මඟ ජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවලින් ඔබ්බට ගොස් දූෂණයට විරුද්ධ වීම පිළිබඳව ඔබේ හදවතට දැනෙන පිවිතුරු හැඟීම සජීවීව තමන්ගේ දුරකථනයෙන්ම ෆේස්බුක් වෙත එක් කිරීමට මෙහිදී ඔබට අවස්ථාව උදා වෙනවා. මෙමගින් රට තුළ ඉදිරියේදී සිදුවිය හැකි දූෂණයන් වලක්වාගන්නටත් එමඟින් ඔබටත් රටටත් සෞභාග්‍යමත් හෙට දිනක් ගෙන එන්නට හැකියාව ලැබෙනු ඇති බව මෙම Online විරෝධතාව සංවිධාන කරන Transparency International Sri Lanka හි අභිලාෂයයි. #ApeSalli #EmathuPanam යන Hashtag ඔස්සේ ඔබට ෆේස්බුක් වෙත Live වීඩියෝ එක්කළ හැකි වන අතර මෙම Hashtag ඔස්සේ ගොස් ඔබ මෙන් රටට ආදරය කරන අනෙක් පිරිස් දූෂණයට විරුද්ධව එක්කල ඔවුන්ගේ පණිවුඩ නැරඹීමේ හැකියාවද ඔබට හිමිවනවා.

No comments