Breaking News

නැදුන්ගමුවේ රාජාට කරදරයක් – ආහාර ගනිද්දි වීදුරුවක් හැපිලා..! (PHOTO)



ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ජූජෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතී. මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත බැවිනි. එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නේ නැඳුන්ගමුවේ රාජා.ඒත් රාජා මෙවර අසනීප තත්වයක් නිසා පසුගියා දා අවසන් වූ දළදා මාලිගාවේ පෙරහැරට සහබාගි වුනේ නැ.
ඉතින් මේ අපි කියන්න යන්නේ මේ සද්දන්තයාට හදිසියේ කරදරයක් වෙලා. පසුගියදා කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක පෙරහැරකට සහභාගී වීමට යන අතරතුර මිනුවන්ගොඩ දාගොන්න ප්‍රදේශයේ රජු ගිමන් හරින්න නතර වෙලා.එම ස්ථානයේ තණකොළ ආහාරයට ගන්නා විට විදුරු කෑල්ලකුත් රාජා ට කැවිලා.කට තුවාල වෙලා.පසුව අවශ්‍ය ප්‍රථිකාර කරලා පිටත් වුනු බවයි කියන්නේ.සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 2 දා.

උපුටා ගැනීම - අපේ රට වෙබ් අඩවියෙනි. 

නැදුන්ගමුවේ රාජාට අපි හැමෝම ඉක්මන් සුව පතමු..!

No comments