Breaking News

සංවර්ධනයේදී උතුරට විශ්වාස එකම සිංහල ඇමති (VIDEO)


උතුරේ සංවර්ධන ක්‍රියාවලියේදී එහි ජනතාවට විශ්වාස කල හැකි එකම දේශපාලකයා පාඨලී චම්පික රණවක මහතා බව දෙමළ ජාතික සංධානය පවසනවා. 

එම සංධානයේ පා.ම චාර්ල්ස් නිර්මලනාදන් මහතා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් පළකලා.



" මහනගර ඇමති චම්පික රණවක ඇමතිතුමා මන්නාරම සෙන් ලුසියා ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය සදහා රුපියල් මිලියන 40 ක මුදලක් වෙන්කළා. දැන් එහි වැඩකටයුතු නිමාවට පත් වෙලා තියෙනවා. 
මම මුලින්ම මගේ ප්‍රසාදය ස්තූතිය පුද කර සිටිනවා එම කටයුත්ත ක්‍රමවත්ව විධිමත්ව සිදු කිරීම පිළිබදව. ඒ වගේම මතක්කරන්න අවශ්‍යයි මෙම පිටිය පාවිච්චි කරපු මන්නාරමේ පාපන්දු ක්‍රීඩකයින් කීප දෙනෙක් කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජ වලටද එකතු වුනා. ඔවුන් මූලිකව පුරුදු පුහුණු වුනේ මෙම පිටියේයි. ඒ වගේම සෙන් ලුසියා පාසලේ 17න් පහළ කණ්ඩායම මෙම පිටියේ පුරුදු පුහුණු වෙලා ජාතික වශයෙන් පළමු තැනට ආවා. මෙම ජයග්‍රහණ ලබාගන්න හැකි වුණේ සෙන් ලුසියා ක්‍රීඩා පිටිය චම්පික ඇමතිතුමා විධිමත්ව හදල දුන් නිසයි.
මන්නාරම දිස්ත්‍රික්කය චම්පික ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතේ සංවර්ධනය වෙයි කියල මං බලාපොරොත්තු වෙනවා.තවත් විශේෂ දෙයක් කිව යුතුයි. මන්නාරම බස් නැවතුම්පොල ඉදිතිරීමට මිලියන 250 ක් වෙන්කර තිබෙනවා. නමුත් ඒක පිටිපස්සෙ වැරදි ක්‍රියාවක් වංචාවක් තියෙනවා. ඒ පොළ ඉදිකරන්නෙ මහනගර අමාත්‍යාංශයෙන් වුවත් එම මුදල් වෙන්කර තිබෙන්නේ රිෂාද් බදියුදීන් ඇමතිතුමාගේ වෙළද හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට. ඒක වැරදියි. ඒක ගැටලුවක්. එය නොවිය යුතු දෙයක්. මේ ගැන මං මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ඇමතිතුමාගෙනුත් විමසුවා. වාණිජ අමාත්‍යාංශයට අයිති නැති විෂයකට කොහොමද මුදල් වෙන්කරන්නෙ කියලා. මෙම මුදල් යා යුත්තේ චම්පික ඇමතිතුමාගේ අමාත්‍යාංශයට කියලා මම කිව්වා. ඒ වගේම ඇමති චම්පිකට මාරු කළේ නැත්තම් අයවැය ජන්ද විමසීමේ දී සහය පළකරන්නේ නැති බවද අගමැතිතුමාට මම කිව්වා.
රජයේ මුදල් ජනතාවට ලැබිය යුතුයි. මෙසේ මහනගර අමාත්‍යාංශයේ මුදල් වෙනත් අමාත්‍යාංශයකට මාරු කිරීම සිදු නොවිය යුතුයි.
චම්පික ඇමතිතුමා අපිට විශවාසයි. සංවර්ධන කටයුතු ඔහු ක්‍රමවත්ව මෙහෙයවනවා. මම චම්පික ඇමතිතුමාගෙන් මන්නාරම ප්‍රදේශවාසීන් වෙනුවෙන් ඉල්ලා සිටිනවා මන්නාරම බස් නැවතුම්පොළේ සහ සති පොළේ වැඩ කටයුතු ආරම්භ කරන්න පැමිණෙන්න කියලා." යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කලා.


No comments