Breaking News

බීබීසි ලෝක සේවය අමිතා බච්චන්ව සහ රිෂී කපූර්ව ඝාතනය කරයි..! (VIDEO)



හින්දි සිනමාවේ සදා නොමැකි යන මතක සටහනක් සනිටුහන් කරමින් සෂී කපූර් පසුගියදා ජීවන රඟ මඩලෙන් සමුගනු ලැබීය. 

එම පුවත වාර්තා කරන බීබීසි ලෝක සේවය  අදාළ ප්‍රවෘත්ති වාර්තාව අතර පළමුවෙන් පෙන්වන්නේ සෂි කපූර් වෙනුවට අමිතාබ් බච්චන් ය. ඔහු  තවමත් ජීවතුන් අතර සිටින අතර සෂි කපූර්ගේ අවමගුල් උත්සවයට පවා සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කලා.

එම ප්‍රවෘත්ති වාර්තාවේ දෙවන රූපරාමුවට පෙන්වනුයේ තවත් ජනප්‍රිය නලුවකු වන රිෂි කපූර් වන අතර පුවත් වාර්තාවේ කිසිදු තැනක මිය ගිය සෂි කපූර්ගේ ජායාරූපයක් හෝ ඔහු රඟපෑ චිත්‍රපටයක කොටසක් විකාශය නොවේ.

ලෝකයේම විශ්වාසය දිනාගත් මෙවන් දැවැන්ත මාධ්‍ය ආයතනයක් වගකීම් විරහිතව සහ පුද්ගලයින්ට අපහාස වන අයුරින් පුවත් පළ කිරීම පිළිබඳ ලොව පුරා බොහෝ පිරිසකගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. 

No comments