Breaking News

පොහොට්ටුවේ 13ක් එජාපයට? 2020දී එජාපයේ ජනාධිපතිවරයෙක්


ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට කිසිඳු හැකියාවක් නොමැති බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මහින්ද පිලෙන් කීදෙනෙක් මෛති‍්‍ර පිලට එක්වුනත් මහින්ද පිලේ පාර්ලිමේන්තු නියෝජිතයින් 13දෙනෙකු නියත වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට එක්වීම වැලැක්විය නොහැකි බව ද ඔහු කියා සිටියේය.

එවැනි තත්ත්වයක් පෙනෙන්නට තිබියදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ තනි ආණ්ඩුවක් පිහිටු වීමට කිසිඳු ඉඩක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් 106 දෙනා සමග තවත් 13 දෙනෙකු එක් වූ විට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සැලසුම් පරාජයට පත්වන බවද එය දැන දැන දේශපාලන වාසි ලබා ගැනීමට නිදහස් පක්‍ෂ නියෝජිතයින් විවිධ ප‍්‍රකාශ සිදු කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසී ය.

ඔහු මේ බව කියා සිටියේ ආණමඩුව පෙරියමඩු ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඒ නිසා අපි 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරයෙක් බිහි කරනවා. ඒක ස්ථිරයි. ඒ වගේම අපේ ජනාධිපතිවරයෙක් යටතේ ඊළග මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවනවා. අපි මෙතෙක් වැඩ කළේ ආණ්ඩුවේ බාගයක් තියාගෙන. ඡන්දෙන් දිනපු මම රාජ්‍ය ඇමති. පැරදුන කෙනා කැබිනට් ඇමති. ජනාධිපති අපිට නැහැ. ඇමති මණ්ඩලෙන් බාගයයි. පළාත් සභාවත් නැහැ. එහෙම තත්ත්වයක් තුළයි අපි මෙතරම් වැඩ කොටසක් කළේ. දැන් අපි මේ සියල්ල ලබා ගන්නේ රට සංවර්ධිත දේශයක් බවට පත් කිරීම සඳහායි.“

No comments